ජනපති සහ අගමැති පමණක් හමුවෙන්න ඉහළම පෙළේ චීන දූත පිරිසක් අද කොළඹට

චීන රජයේ ඉහළම පෙළේ දූත පිරිසක් අද ශ්‍රි ලංකාවට පැමිනීමට නියමිතය. කොවිඩ් වසංගතයෙන් පසුව පළමු වරට දකණු ආසියාවට පැමිණන පළමු චීන රාජ්‍ය දූත කණ්ඩායම මෙය වීම විශේෂත්වයකි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය මැද නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට අනුව පැමිණෙන මෙම දූත කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙ වෙම රැස්වීම් දෙකකදී රැස්වීමට පමණක් ඔවුන්ගේ ගමන සීමා වන බව රජයේ නිල පුවත් සේවය පවසයි.

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචි මෙම කණ්ඩායමේ නායකත්වය දරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය පවසන්නේ මෙම සංචාරය, ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගිතාවය ශක්තිමත් කරනු ඇතැයියන්නය. ඔවුන් හෙට (09) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට අපේක්ෂා කෙරේ.

Exit mobile version