ජනපති අද හවස කිව යුතු දේ ගැන විපක්ෂ නායක දහවල් කියයි !

sajith

අද ජාතිය ඇමතීමට සූදානම් වන ජනාධිපතිවරයා නොවලහා කළ යුත්තේ වැඩි කළ ඉන්ධන මිල වහාම පහත හෙලීම සහ අත්තනෝමතික ලෙස තීන්දු කළ පොහොර තහනම හකුලාගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(25)සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවසීය.

තම පක්ෂය ආණ්ඩුව විසින් ගත් අත්තනෝමතික තීන්දු වලට එරෙහිව ජනතාව සමග අරගල කළ බවත් එය නොනවතින අරගලයක් බවත් ඒ මහතා කීය.

ජාතිය අමතමින් සිදු කිරීමට නියමිත ප්‍රකාශයේදී ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු 6කට විසඳුම් දෙන ලෙස තමන් බලකර සිටින බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා , මේ වනවිට ජනතාව බරපතළ ලෙස මුහුණදී සිටින ගැටලු 6 කට ජනාධිපතිවරයා විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බවද කීය.


එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව විනාශ වීමෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට නිසි වන්දි ලබා දීමට රජයේ මැදිහත්වීමත්  සාගර පරිසරය ආරක්ෂා කිරීම සඳහා තිරසාර ලබා දියයුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය. අනවශ්‍ය වියදම් කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා මේ වනවිට බරපතල අර්බුදයක සිටින මෙරට දූදරුවන් උදෙසා  මාර්ගගත අධ්‍යාපනය හා සම්බන්ධ ගැටලු වහාම විසඳුම් ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක් බවත් COVID-19 එන්නත සඳහා රජයේ මැදිහත්වීම දුර්වලව ඇති අතර  තවමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා දෙවන මාත්‍රාව ලබා ගැනීමට පවා ලක්ෂ ගානකට අවස්ථාව අහිමිව ඇති බවත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට තුළ සිදුකරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව ද පහත වැටී ඇති බවත්, ඒ පිළිබඳව ද ජනාධිපතිවරයා සිය අවධානය යොමු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. රු. 5000 / – ක දීමනාවක් ජනතාවට කිසිසේත්ම  ප්‍රමාණවත් නොවන අතර ජනතාවට නිසි මූල්‍ය ශක්තියක් ලබා දිය යුතු බවත් හෙතෙම පැවසීය. ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේ දී මෙම ගැටලු විසඳනු ඇතැයි අපේක්ෂා කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

 

Exit mobile version