ජනපති ජාතිය ඇමතීමට විදුලියෙන් බාධා නොමැත!

Gotabhaya-Rajapaksha

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   මාධ්‍ය හරහා ජාතිය අමතන මොහොතේ එනම් රාත්‍රි 8.30ත් 9.30ත් අතර කාලයේ විදුලිය විසන්ධි නොවන ආකාරයෙන් අද දින විදුලි කැපීමේ සැලැස්ම සකස් කොට ඇත.

මහජන උපයොගීතා කොමිෂන් සභාව සෙසු දිනවලදී පස්වරු 6ත් පස්වරු 11ත් අතර කාලය තුළ පැයකුත් විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව නිවේදනය කළ අතර අද දිනයේ සංශෝධිත විදුලි කප්පාදු කාණ්ඩ අනුව සවස 6ත් පස්වරු 11ත් අතර කාලය පැය දෙකක කප්පාදුවක් ලෙස සංශෝධනය කර ඇත.

එසේ වුවද මෙම සංශෝධනවලට අනුව  පස්වරු 8.00ත් 9.30ත් අතර විදුලිය කප්පාදුවක් සිදු නොවන අතර යළි එය කලාප මට්ටමින් රාත්‍රි 9.30 සිට පස්වරු 11.30 දක්වා ක්‍රියාත්මක වේ.


ඒ මෙසේය

ප.ව 6.00 ත් 8.00ත් අතර D,E,F,G,H.,I

ප.ව 9.30ත් 11.00ත් අතර J,K,L,A,B,C

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප.ව 5.30ත් 8.00 ත් අතර  T,U,V,W

Exit mobile version