ජනපති කාබනික තීරණය රිවර්ස්  කරයි ! කෘෂි රසායනිකවලට දැනටමත් ඇණවුම්

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීමට අදාළ අනුමැතිය ජනාධිතිවරයා විසින් ලබා දුන් බවත් ඒ අනුව රසායනික පොහොර ඇතුළු කාෂි රසායන ගෙන්වීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ප්‍රකාශ කරයි. කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කිරීම සදහා දායකත්වය ලබා දෙන විද්වතුන් කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මෙම තීරණයට එලඹි බවත් ඉදිරි කෘෂිකාර්මික ගමන් මඟ සඳහා වූ මාර්ග සිකියමක් අලුතින් සකස් කිරීමට පියවර ගත් බවත් ඔහු මාධ්‍ය හමුවේ පවසා සිටියේය.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජයසිංහ සඳහන් කළේ  වගාවලට යෙදූ කාබනික පෝෂක පසුගිය දිනවල පැවති දැඩි වර්ෂාව හේකුවෙන් සේදී ගොස් ඇති බවට රට පුරා ස්ථානවලින් වාර්තා වූ බවත් පවතින කාලගුණික තත්ත්ව මත තවදුරටත් කාබනික පොහොරවලින් පමණක් මෙම කටයුත්ත සිදු කිරීමට අපහසු බව ගොවි ජනතාව මෙන්ම විද්වතුන්ද පහදා දුන් අතර මේ සම්බන්ධයෙන් ජනාධිතිවරයා වෙත කරුණු පැහැදළි කිරීමෙන් පසුව මෙම තීරණය ගැනීමට පෙලඹුණු බවය. එ අනුව අනුමත රසායන ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට යෙදීමට අවශ්‍ය රසායනික  ශාක පෝෂක සහ ශාක ආරක්ෂක ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇතැයි අමාත්‍යංශ ලේකමවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී අමාත්‍යංශ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ ශාකවලට අත්‍යවශ්‍ය මෙන්ම කෘෂිකර්මාන්තයේදී අතිශයින්ම වැදගත් වන ඇතැම් රසායනික ද්‍රව්‍ය පවා මෙම තහනම මඟින් නැවතීමෙන් ලොකු වැරැද්දක් සිදුවුණු  බවයි.


Exit mobile version