ජනපති උපන්දිනය දා අරගලකරුවෝ ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරති…

ජනපති උපත - ජාතියේ විපත ... විරෝධතාවය පිළිගන්න පොලිසිය සහ හමුදාව සීරුවෙන්...

අදට යෙදී ඇති ජනපති ගෝඨාභය  රාජපක්ෂ ගේ උපන්දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අරගලකරුවෝ කටයුතු කරමින් සිටිති.

ගෝඨා උපත – ජාතියේ විපත –  ජාතික ශෝක දිනය ලෙස  ඔවුහු කියා සිටිති.

ජාතික ශෝක දිනය සැමරීම සඳහා  ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාවයේ නිරතවන්නන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙකද අවහිර කරමින් ඊයේ (19) රාත්‍රියේ අට්ටාල ඉදිකර  තිබේ.

ගලධාරී හෝටලය ඉදිරිපිටින් ලෝටස් මාර්ගයේ පිහිටි පිවිසුම් දෙක   අවහිර කර තිබුණු මෙම අට්ටාල මේ වනවිට පොලිසිය විසින් ඉවත් කර තිබේ.


මේ අතර ලොටස් පාරේ අට්ටාලය අසල  ජනපති උපත – ජාතියේ විපත ලෙස සඳහන් බැනරය ආසන්නයේ  සජීව වීඩියෝ දර්ශනයක් ලබා ගනිමින් සිටි සමාජ ක්‍රියාකාාරී අනුරුද්ධ බණ්ඩාර පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.  ඔහු සමග තවත් කීපදෙනෙක්ම පොලිස් අත්අඩංගුවට පත් වූයේය.  මේ එම  අවස්ථාවය.

&

 

එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලීසිය හා හමුදාව කැඳවා දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි. පහත දැක්වෙන්නේ  ආරක්ෂාව සලසා තිබූ ආකාරයයි

පොලිස් සහ හමුදා ආරක්ෂාව තර කර තිබේ…

එමෙන්ම  අද දහවල් 12.00 ට ලිප්ටන් වටරවුමේ සිට කොළඹ කොටුව දක්වා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනක් සූදානම් කර තිබේ.

අනතුරුව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සවස 3.00 ට විරු සිසු සැමරුමක් සහ සංස්කෘතින ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය  වර්ෂ 1949 ජූනි මස 20 වැනිදා ය.  ඔහු අද සිය 73වන ජන්ම දිනය සමරන්නේය.

Exit mobile version