ජනපති අගමැති අපහසුතාවට පත්කළ ඡායාරූපය ගත් පුද්ගලයා සොයයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා අනුරාධපුර මිරිසවැටිය විහාරයේදී පැවැති පිංකමේදී දී ඡායාරූපයක් ගෙන ඔවුන් අපහසුතාවට පත්වන ආකාරයේ වැරදි අර්ථකථනයක් සහිතව සමාජ ජාලවල පළකරවීමට කටයුතු කළ පුද්ගලයා සොයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම ස්ථානයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු අමුත්තන් වෙනුවෙන් පැවැති තේ පැන් සංග්‍රහයකදී යම් පුද්ගලයකු විසින් මෙම ඡායාරූපය ගෙන සමාජ මාධ්‍යවල පළ කොට ඇති බව සඳහන් වේ. සීමිත පිරිසක් පමණක් සහභාගී වූ මෙම අවස්ථාවේදී කවුරුන් විසින් මෙම ඡායාරූපය ගනු ලැබුවේද යන්න පිළිබඳව මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ෂණය කරනු ලබන බව වාර්තා වේ.

මෙම ඡායාරූපය තම ෆේස්බුක් පිටුවේ පළ කළ මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා මෙම ඡායාරූපය සංස්කරණය කළ බව ට වූ ඔහු සම්බන්ධයෙන් වූ චෝදනාව විමර්ශෂණ ය කොට ඇත. එහිදී රාමනායක මහතා විමර්ෂණ නිලධාරීන්ට පවසා ඇත්තේ මෙය තමන් විසින් සංස්කරණය කරන ලද එකක් නොව සැබෑ ඡායාරූපය බව තමන් විශ්වාස කරන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙයින් ජනාධිපතිවරයා පත්වන අපහසුතාව පිළිබඳව සඳහන් කරමින් තම ෆේස්බුක් ගිණුමෙන් එය ඉවත් කිරීමට කටයුතු කළ බව විමර්ශණ කටයුතු අවසන් වීමෙන් පසුව රාමනායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

Exit mobile version