ජනපතිගේ නිවස පිහිටි ප්‍රදේශයේ ජනතාවට පොලිසියෙන් අවවාදයක්!

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ සමස්ත අපරාධවල යම් වර්ධනයක් පවතින බැවින් ප්‍රදේශවාසීන් තම නිවාස, දේපළ යාන වාහනවල ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත් යම් අපරාධයක් සිදුවන්නේ නම් වහාම මිරිහාන පොලිසියට දන්වන ලෙසත් පොලිසය ඉල්ලිමක් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට එම ප්‍රදේශයේ මීට අදාළ දැන්වීම්ද අලවා ප්‍රසිද්ධ කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර එමඟින් පොලිසිය ඉල්ලා සිටිනුයේ තම නිවාසවලින් පිටතට යන විට නිසි ලෙස ආරක්ෂිත අගුලු දමා යන ලෙසයි. එසේම නිවසින් පිටවන විට තමාගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් නිවස අගුලු දමා යතුරු සාම්ප්‍රදායික ලෙස තැන්තැන්වල සැඟවීම වෙනුවට විශ්වාසවන්ත කෙනකු අතට බාර දී යාමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙසෙන නිවාසය පිහිටා ඇත්තේද මෙම කොට්ඨාසය තුළ මිරිහාන ප්‍රදේශයේය.
විශාල ලෙස මුදල් සන්තකයේ තබා නොගන්නා ලෙස මෙන්ම ගනුදෙනු සිදු කිරීමේදී රහස්‍ය භාවයකින් යුතුව සිදු කරන ලෙසත් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින පොලිසිය මෝටර් රථ, යතුරු පැදි ත්‍රි රෝද රථ නැවත්වීමේදීද ඒවායේ අමතර කොටස්වල ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
වාහනවල අමතර කොටස් ගැලවීමක් රන් මාල කඩා ගැනීම් හෝ වෙනත් සොරකම් හෝ එවැනි සැක කටයුතු ක්‍රියා සම්බන්ධයෙන් යම් තොරතුරු දුටුවේ හෝ දන්නේ නම් මිරිහාන පොලිසියේ 011 2854853, 011 2852566, මිරිහාන පොලිස් මූලස්ථාන පොලිස් පරීක්ෂක 0718591644 හෝ 070 3902636 යන දුරකථන අංක වෙත දන්වන ලෙස පොලිසිය ඉල්ලා සිටී

Exit mobile version