ජනපතිගේ කාබනික සිහිනය ඉවරයි… වහාම රසායනික පොහොර සහන මිලට දෙන්නැයි අගමැති කමිටුව නිර්දේශ කරයි!

Chemical-fertilizers

රසායනික පොහොර කඩිනමින්  ගොවි ජනතාව වෙත ලබා දිය යුතු බව ඒ පිළිබඳව  සොයා බැලීමට අග්‍රාමාත්‍යතුමා විසින් පත් කළ කමිටුව නිර්දේශ කර ඇත.

පොහොර නොමැතිකම නිසා ගොවි ජනතාව විශාල වශයෙන් ගොවිතැනින් ඈත්වී සිටින බවත් එම ජනතාව යළිත‍් ගොවිතැන් කටයුතු සඳහා යොමු කර ඔවුන්ට අවශ්‍ය පොහොර වහාම ලබා දීමට පියවර ගත යුතු බවත්  කමිටුව නිර්දේශ කර තිබේ.

මේ අනුව දැනට  රුපියල් තිස් පන්දහසක් වැනි  අධික මිලකට  අලෙවි කරන පොහොර මිටිය  රුපියල් හත් දහසත් අට දහසත් අතර මිලකට ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතු බව හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ  සභාපතිත්වයෙන් පත් කළ එම කමිටුව නිර්දේශ කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා, ගොවි සංවිධාන, ගොවි ජනතාව ප්‍රමුඛ රටේ විවිධ කණ්ඩායම් සමග සාකච්ඡාකර මෙම කමිටුව මගින් රජයට මෙම  නිර්දේශ කර ඉදිරිපත් ඇත.


කෙසේ වෙතත් මේ වනවිට ජනතාව දැඩි ආර්ථික අපහසුතාවන්ට  මුහුණ දී ඇති බැවින් ඔවුන්ට පොහොර ලබා දීමේදී සහන ක්‍රමයකට ලබා දෙන ලෙස කමිටුව වැඩි දුරටත් යෝජනා කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයා විසින් කිසිවෙකුට ඇහුම්කන් නොදී  කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව ක්‍රියාත්මක කළ රසායනික පොහොර තහනම සහ අතාර්කික ලෙස කාබනික ගොවිතැනට කළ බලපෑම නිසා ගොවිතැනට පමණක් නොව, එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගිය දේශපාලකයින් ගණනාවකට ස්වකීය දේශපාලන අනාගතයත් අහිමි වී ගියේය.  රට බරපතල ආහාර අහේනියකට මුහුණ දීමට හේතුවන එක් ප්‍රධාන  සාධකයක්  වූයේත් එම තීන්දුවය.

Exit mobile version