ජනපතිගේ අභිනව මාධ්‍ය මධ්‍යස්ථානයට කැඳවූ මාධ්‍යවේදීන් පිරිසකට කොවිඩ් වැළඳෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම් සහ හමු පවා අන්තර්ජාලය ඔස්සේ පවත්වද්දී ජානධිපති මාධ්‍ය අංශය විසින් ජනාධිපතිවරයා   අභිනවයෙන් විවෘත කළ මාධ්‍ය මධ්‍යස්ථානයට කැඳවූ මාධ්‍යවේදීන් පිරිසක් කොවිඩ් ආසාදිතව ඇති බව වාර්තා වේ.

පොහොර පිළිබඳව රාජ්‍ය ප්‍රතිපත්තිය පැහැදිලි කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පසුගිය බ්‍රහස්පතින්දා මෙම රැස්වීම කැඳවා තිබිණි.

මාධ්‍ය හමුව නිමා වී දිනකින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක විසින් එම හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන්ට වට්ස්ඇප් පනිවිඩයක් මගින් දැනුම් දී ඇත්තේ සුව ආරක්ෂක පිළිවෙත් රකින ලෙසත් මාධ්‍ය හමුවට පැමිණි මාධ්‍යවේදිනියකට කොවිඩ් ආසාදිතව ඇති බවත්ය.

මේ දැනුම් දීමට අනුව කොවිඩ් පරීක්ෂණවලට ලක් වුණු මාධ්‍යවේදීන් කීපදෙනෙක් දැනට කොවිඩ් ආසාදිතයන් බව තහවරු වී තීබේ.

Exit mobile version