ජනතාව වෙනුවෙන් බලය ලබා ගැනීමට මෙන්ම බලය අත්හැරීමටත් හැකි දේශපාලන අත්දැකීම් අපට තියනවා… හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නට සේම ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමටත් හැකි දේශපාලන අත්දැකීමක් තම පක්ෂයට ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

අද (01) කොළඹ කැම්බල් පිටියේ පැවති එම පක්ෂයේ මැයි දින රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඕනෑම මොහොතක නැවත නැගිටීමේ සංවිධානාත්මක ශක්තියක් තම පක්ෂයට ඇති බවය.

“අපිට පටන් ගන්න වුණේ කොවිඩ් එක්ක ආර්ථික බිඳවැටීමෙන්, සමහර වැරදි තීන්දු ඊට හේතු වුණා වැරදුණු තැන දැන් අපිට තේරෙනවා. ඒ අත්දැකීම් තවත් ශක්තියක්.”

“ සමහර වෘත්තීය ක්‍රියාමාර්ග නිසා සහෝදර වෘත්තීය සමිති නායකයින්ටත් ප්‍රශ්න ආවා. ඒ කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙක් තනි කරන්නේ නැහැ. ඔබට ශක්තියක් වෙන්න අපට හැකියාව තියෙනවා.”


“ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගැටලුව තවම අවසන් නැහැ දරුවෝ විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්න බලන් ඉන්නවා සාමාන්‍ය පෙළ දරුවොත් පීඩනයෙන් ඉන්නේ. මව්පියන් පීඩනයෙන් ඉන්නේ.”

“එය වෘත්තීය සමිති සටනක් ලෙස අපි දකින්නේ නැහැ හැබැයි හැම ගුරුවරයෙක්ම සම්බන්ධ නැහැ.  දරුවන් ප්‍රාණ ඇපයට අරන් දිනාගත්ත සටනක් නැහැ එහෙම දිනාගෙන වැඩකුත් නැහැ. සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ  පටු දේශපාලන වාසිවලට නෙවෙයි. බලය ලබාගන්නට වගේම අතහරින්නත් පුළුවන් ඕනෑම මොහොතක නැගිටින්නත් පුළුවන්. වැඩකරන ජනතාවට ජයවේවා…!”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු ජනාධිපතිවරයා කීවේය.

 

Exit mobile version