ජනතාවනි මේ අහන්න… වියරු රනිල් පරදවන්න –  “බැසිල් – රනිල් ආණ්ඩුවේ මැර බලයට ඉඩ නොදෙන්න..“

ජිනීවා බිඳුණු පුටුව අසලින් නව විරෝධයක් නැගේ...

අරගලයේ තරුණයින්ගේ විරෝධාතවය හේතුවෙන් රටේ ඇතිවූ තත්ත්වය තුළ ව්‍යවස්ථාමය අර්ථකතනයක් සහිතව බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ආණ්ඩු බලය ගත් වහාම අරගලයේ තරුණයින්ට පහර දීමට එරෙහිව ජිනීවා හි සුප්‍රකට බිඳුණු පුටුව අසල ඊයේ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් විරෝධාතවයක නිරත වූහ.

ඔවුන්ගේ විරෝධතා පාඨ ජනීවා මානව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැව් දුන්නේය.

පහර දීලා අරගලයට – ගෝල් ෆේස් තරුණයින්ට
පස්ස දෙරෙන් පුටුවා ආ – නින්ද යයි ද දැන් රනිල්ට

ත්‍රාඩ රනිල් පොහොට්ටුවේ – බලය අරන් ආණ්ඩුවේ
අරගලයට පහර දීලා – ඉවර වෙයිද ප්‍රශ්න රටේ


ජනපති වී එක දවසයි – ලේ රස වී පුරුදු හැඩයි
බටලන්දක් හිතනු එපා – ජන බලයට ඔයත් යටයි.

ප්‍රජාතන්ත්‍ර කොදුරනවා -ව්‍යවස්ථාවෙ හැංගෙනවා
මිලට ගත්ත ජන මතයෙන් – ත්‍රාඩ රනිල් ලේ බොනවා

ජනතාවනි මේ අහන්න – වියරු රනිල් පරදවන්න
රනිල් බැසිල් ආණ්ඩුවේ – මැර බලයට ඉඩ නොදන්න

ජන පීඩා නිමකරන්න – ජන සටනට පෙළ ගැසෙන්න
මිලට ගත්ත ජන මතයක් –  පරදවන්න යළි නොඑන්න

රනිල් වික්‍රමසිංහගේ මෙම ත්‍රාඩ ජන මතයට එරෙහි, අශිෂ්ට දේශපාලන කුණපය පැරදවීම සඳහා අඛණ්ඩ සටහන් අන්තර්ජාතික වශයෙන් ආරම්භ කරන බවත් මේ එහි කුඩා ඇරඹුම බවත් විරෝධතාකරුවෝ බිඳුණු පුටුව අසල දී පැවසූහ. සාධාරණ ජනතා රජයක් වෙනුවෙන් අරගල ගෙන ගිය සටනට අඛණ්ඩව පණ පොවන බව ඔවුහු ප්‍රතිඥා දුන්හ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version