ජඩ ජාවාරම් නැවත්වීමත් සමග  ජාතික අක්ෂි රෝහලේ හොරු කලබල වෙලා…  

ශ්‍රියානි විජේසිංහ –                                               

ජාතික අක්ෂි රෝහල තුල වසර ගණනාවක සිට සිදු වූ වංචාවන් බොහෝමයක් නතර  කර දැමීමට හා ඒවා හසුකර ගැනීමට වත්මන් අධ්‍යක්ෂවරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කටයුතු කිරීමත් සමග ඔවුන්ව රෝහලෙන් පන්නා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වංචාවන්ට සම්බන්ධ පිරිස් මේ වන විට අධ්‍යක්ෂවරයා  ඔහුගේ බලය අයුතු ලෙස පවත්වාගෙන යමින්  රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට විවිධ පලපෑම් එල්ල කරන බවට අසත්‍ය ප්‍රකාශයන්  කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දීමට  කටයුතු සූදානම්වන   බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි. 

රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය සිය රාජකාරිය නිමවා නිල නිවස වෙත යාමට දිනපතාම රෝහලේ ගිලන්රථය භාවිත කරන බවත් ඒ සඳහා අවසර පත්‍රය ට අත්සන් තබා ගන්නේද ඇය විසින්ම බවත් සදහන්වේ.

එසේම අක්ෂි බැංකුවට  විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන අක්ෂි  කාච පිටතට විකිණීමේ කූඨ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය  අතර නව අධ්‍යක්ෂවරයාගේ මැදිහත්වීම මත එහි බලය වෙනත් අංශයන් වෙත පැවරීම හේතුවෙන් එම ව්‍යාපාරය මුළුමනින්ම නතර වී  කාච රෝගීන්  වෙනුවෙන්ම නොමිලේ ලබා දීමේ කටයුතු දැන් ආරම්බ කර ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරත් තහවුරු  කර සිටියි.    


මේ වන විට අක්ෂි රෝහල තුළ දිනපතා පැවති පෝලිම් දක්නට නොමැති අතර රෝගීන්ට රස්තියාදුවකින් තොරව ප්‍රතිකාර කටයුතු කර ගැනීමත් දිගුකාලයක් පොරොත්තු ලේඛණවල නොරැදී සැත්කම් කර ගැනීමට හැකියාව ලැබී   බවත් සඳහන්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝහල තුළ ඇති වූ මේ ක්ෂණික වෙනස්කම් හේතුවෙන් මෙතෙක් කලක් හොරකම් හා වංචාවන් සිදුකල පිරිස දැඩිලෙස කළබල වී අධ්‍යක්ෂවරයාට සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට එරෙහිව  අසත්‍ය චෝදනාවන් ඉදිරිපත් කරමින් ඔවුන්ව එම රෝහලෙන් පන්නා දැමීමේ උත්සාහයක නිරතව සිටින බවද පැවසේ.

Exit mobile version