ජගත් වික්‍රමසිංහ ඇතුළු අධ්‍යක්ෂ මණ්ලයට ගුවන්විදුලියෙන් ඉල්ලා අස්වෙන්න කියයි…

ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මෙම දැනුම්දීම සිදුකර ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නුවරඑළිය, රදැල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩමක් අනුමැතියකින් තොරව පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙකුට බදු දී තිබීමත් ගුවන් විදුලිය සතු සංඛ්‍යාත කිසිදු අනුමැතියකින්  තොරව වෙනත් පාර්ශවයකට ලබා දීමත් යන චෝදනා හේතුවෙන් සභාපතිවරයාට හා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.


Exit mobile version