ජගත්  මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි ඇතුළු 04කට ඇප – රැට්ටා, ලහිරු, රතනජෝති හිමි තවදුරටත් රිමාන්ඩ්…

පසුගිය 09 සහ 10 දෙදින තුළ කළහකාරි ලෙස හැසිරුණු බවට නම් කර අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනුණු ගෝල්ෆේස් අරගලකරුවන් 07 දෙනා අරින් 04  දෙනෙකුට අද ඇප නියම වී ඇත.

එසේ ඇප නියම වී තිබුනේ  ජනප්‍රිය රංගන ශිල්පීන්වන   ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමිටත්,  සමාජ ක්‍රියාකාරීන් වන ධම්මික මුණසිංහ සහ  එරංග ගුණසේකරටය.

ඒ  ඔවුන්ව අද (24) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි ලබන  ජූලි මස 07 වැනිදින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  අධිකරණය නියෝග කළේය.


 

Exit mobile version