ජගත් ආරක්ෂක කවුන්සිලය වෙනස් කරන්න ඉන්දියාව කළ යෝජනා වලට ප්‍රංශ සහය

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සංයුතිය වෙනස් කළයුතු බවට ඉන්දියාව විසින් කරන ලද යෝජනාවට ප්‍රංශයෙන් සහය ලැබී තිබේ.

ඒ අනුව ජගත් ආරක්ෂක කවුන්සිලයේ පැවති විශේෂ හමුවකට එක්වූ අවස්ථාවේදී ප්‍රංශ තනාපතිවරිය මේබව සඳහන් කර ඇත. එහිදී ඇය පවසා ඇත්තේ ජගත් ආරක්ෂක කවුන්සිලය පුළුල් කරමින් එය ශක්තිමත් කිරීමට ප්‍රංශයෙන් සහය හිමිවන බවත් සහභාගීත්ව ඔස්සේ තීරණ ගැනීමේ කටයුතු ආරක්ෂා කළයුතු බවත්ය.

මෙහිදී ඇය විසින් ඉන්දියාව විසින් පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බවද ඇය සිහිපත් කර තිබිණි.

එම රැස්වීමේදීම අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ආර් රවීන්ද්‍ර පැවසුවේ වඩා ඵලදායී සහ විනිවිද පෙනෙන ආරක්ෂක මණ්ඩලයක් උදෙසා ප්‍රතිසංස්කරණය කරන ලද බහුපාර්ශ්වික සහභාගිත්වයක් ඉතාම වැදගත් බවයි.


ඔහු තවදුරටත් කියා සිටියේ, “අපි තවමත් සත්‍ය වශයෙන්ම සියලුදෙන ඇතුලත් ආරක්ෂක කවුන්සිලයක තත්ත්වයට පත්ව නැහැ. ඒ අනුව තේරී පත් වූ සහ ස්ථීර වූ සියලුම සාමාජිකයින් ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා දායක වීමේ වගකීම එකසේ බෙදාහදා ගතයුතුයි “ යනුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය කාලය පුරාවටම ජගත් ආරක්ෂක කවුන්සිලයේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් දැඩි විවේචන පැවතිනි. එහිදී නිෂේධ බලය හිමි රටවල් සඳහා විශේෂ වරප්‍රසාද හිමිවීම සම්බන්ධයෙන්ද දැඩි විවේචන එල්ලවිය. එහිදී එම රටවල් සිදුකරන දරුණු යුධ අපරාධ සම්බන්ධයෙන් කිසිඳු නීතිමය පියවරකග් නොගන සිටීම සම්බන්ධයෙන් පිළිබඳවද මේවන විට විශාල කතා බහක් නිර්මාණය වී තිබේ.

Exit mobile version