ඡන්ද පත්‍රිකා විෂබීජ හරණයට  විමල් වීරවංශගෙන් රෙසිපියක්

කොරෝනා වසංගතය මැද මැතිවරණය පවත්වන්නට ගත යුතු ආරක්ෂක ක්‍රමවේදය ගැන යෝජනාවක් පසුගියදා අමාත්‍ය විමල් වීරවංශ මහතා ජාතික රූපවාහිනියේ පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් කළේය. ඔහු එයින් පවසන්නේ ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථානයේදීම විෂ බීජ හරණය කිරීමේ ක්‍රමයකි. ඔහුට අනුව දැනට බොහෝ දෙනකු මත පළ  කරන්නේ කොරෝනා ආසාදිතයකු ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියහොත් ඔහුගේ හෝ ඇයගෙන් යම් හෙයකින් වෛරසය පැවතුණහොත් එයින් ඡන්ද නිලදාරීන්ට ආසාදනය විය හැකි  බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවදානම අවම කිරීමට ක්‍රමයක් යෝජනා කරන අමාත්‍යවරයා  ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්ද පත්‍රිකාව විෂ බීජ හරණය කිරීමට ක්‍රමයක් යෝජනා කරයි. ඒ අනුව ඔහු පවසන්නේ අදාළ ඡන්ද මධ්‍යස්ථානයේදීම මෙම ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා පෙට්ටියකට දමා සෙල්සියස් අංශක 53කට (ඔහුට මතක ආකාරයට) විනාඩි 20ක් රත් ‍කොට ජීවාණුහරණය කළ යුතු බවය. එම කටයුත්ත කොවිඩ් 19න් ආරක්ෂා වීමේ  පුද්ගල ආරක්ෂක ඇඳුම් කට්ටලය ඇඟ ලා ගත් පුද්ගලයකු විසින් සිදු කළ යුත බවය ‍. මෙම ක්‍රමය මෙරට නිර්මාණශිලි තරුණයයන් පිරිසක්  විසින් සිදු කරන ලද යෝජනාවක් බව පවසන අමාත්‍යවරයා එය සරල බැවින් පහසුවෙන් ක්‍රියාක්මක කළ හැකි  ව පවසයි.

 

Exit mobile version