ඡන්ද අපේක්ෂකයන්ට කොරෝනා අවදානමක්

සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා මැතිවරණ අපේක්ෂකයින් සහ ඡන්ද දායකයින්ට නව කොරෝනා වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්වලට පසුගිය දින කිහිපය තුළ ලංකාසර සිදුකළ සමීක්ෂණ චාරිකාවේ දී දැකගත හැකිවිය.

ළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියේ දැඩි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබුණද ප්‍රධාන පක්ෂවලට අයත් දිස්ත්‍රික්කවල අපේක්ෂකයින් බහුතරයක් නිරෝධායන නීති මුළුමනින්ම උල්ලංඝනය කරමින් හැසිරෙන අයුරු පසුගිය දිනවල දක්නට ලැබිණි.

ඉහත දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන අපේක්ෂකයින් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ තම නිවස නැත්නම් පක්ෂ කාර්යාලයේ හිතවතුන්ගේ නිවෙස්වල හෝ දේශපාලන බලප්‍රදේශය තුල පිහිටි හෝටල් හා උත්සව ශාලාවවල ය. මෙවැනි ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින් පසුගිය දිනවල පැවැත් වූ විවිධ ක්ෂේත්‍රවලට අයත් ක්‍රියාකාරීන් හා ඡන්ද දායකයින් දැනුමවත් කිරීමේ අවස්ථා ගණනාවක්ම අපට ද මාධ්‍යවේදීන් ලෙස සහභාගී වීමට සිදුවීම නිසා එම කටයුතු පිළිබඳ විමසිල්ලෙන් නිරීක්ෂණය කිරීමට අවස්ථාව හිමි වුවද මනාප පසුපස යන අපේක්ෂකයින්ගේ හැසිරීම් හමුවේ අපිට දැඩි භීතියක් හා තැතිගැන්මක් ඇතිවිය.


පසුගිය දිනවල රැස්වීම්වලට පැමිණි මේ අය කිසිම ආකාරයකින්වත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන බවක් දකින්නට නොලැබීම ඉතා අවාසනාවන්ත තත්වයකි. බොහෝ රැස්වීම් ශාලා තුල පවත්වන ආකාරයක් දැකගත හැකි වුවත් එහි විශේෂ විශේෂත්වය වූයේ 50 ක් සහභාගී විය හැකි ශාලාවකට 150 – 200කට සහභාගී කරවා සිටීම ය. මේ අයගෙන් බහුතරයක් මුඛආවරණ පැළැඳ පැමිණ සිටියහ. ඇතැම් තැන්වල සමහරක් අපේක්ෂකයන් පවා මුඛ ආවරණ පැළඳ සිටින බවක් දැකගත නොහැකි විය. ශාලාව තුළට ඇතුල්වන විට දෑත් සේදීමක් විසබීජහරණය, දුරස්ථ බව ආරක්ෂා කිරීම වැනි සෞඛ්‍ය පිළිවෙත් කිසිවක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නොතිබිණි.

බොහෝ රැස්වීම්වල ආගන්තුක සැලකුම්වල අඩුවක් නොමැත. ආහාරපාන දෙතුන් වතාවක් ලැබෙනවා අවස්ථා ඇත. සවස තුනෙන් පසුව පවත්වන සෑම රැස්වීම්කටම මත්පැන් වර්ග අංක එකට ඇත. මේ ආකාරයේ රණවිරුවන්ගේ ගීත ගායනා, බජව් පටන් ගත්තේ බඹර පදමින් රැස්වීම්ට එනවිට ඇතැම් තැන්වල ‘අනේ සර්’ කියාගෙන පැමිණෙන පාක්ෂිකයන් මත්පැන් සාදයේදී ‘අනේ මචං මගේ දෙයියෝ’ කියාගනිමින් අපේක්ෂකයන් වැළදගත් අවස්ථාවක් දුටුවෙමු.

මත් පැන් සංග්‍රහයෙන් පසුව ඇතැමුන් සතුව තිබූ එක්ම සෞඛ්‍ය පිළිවෙත වන මුඛ ආවරණයවත් සොයා ගැනීමට නැත. ආපන ශාලාව පුරා දකින්නට ඇත්තේ අපේක්ෂකයන්ගේ කරට අත දා ගනිමින් ඡායාරූප ගන්නා අවස්ථා පමණි. කොරොනා වසංගතය පහව ගොස් ඇති මෙවන් අවස්ථාවක මේ විගඩම් නැවැත්වීමට බලවතුන් ඉදිරිපත් වන්නේ නැත.

අධි අවධානම් දිස්ත්‍රික්කවල තත්වය මෙය නම් අනෙක් ප්‍රදේශවල තත්වය පිළිබද කවර කතාද? අද රුපියල් කෝටි ගණනින් මුදල් කා දමමින් සෞඛ්‍ය පිළිවෙත් හඳුන්වා දී ඇත. එමෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුව පෙරහුරු මැතිවරණ පවත්වමින් මැතිවරණයට සූදානම් වෙයි. එහෙත් ඡන්ද දිනයට පමණක් ඡන්දපොළට පමණක් සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කිරීම් තුළින් කොරොනා වසංගතය නවතාගත හැකිද? යන ප්‍රශ්නය අප හමුවේ ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපේක්ෂකයින් මේ ආකාරයට හැසිරෙන මැතිවරණයට පෙර කොරෝනාවලින් නොව වෙනත් රෝග බෝ වී බොහෝ දෙනෙක් මිය යෑමේ අවදානමක් ඇත මෙවැනි පසු පසුබිමක කෝටි ගණන් මුදල් වැය කර මැතිවරණයකට සූදානම් වීම බල රහිත කාර්යයක් විය හැකිය.

Exit mobile version