“ඡන්දේ ඉවර වෙනතුරු බදූර්දීන් ප්‍රශ්න කරන්න ගෙන්වන්න එපා”

මැ.කො. පොලිස්පතිට ලියයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් සහ ප්‍රකාශ ලබා ගැනීම් සඳහා කොළඹ පොලිස් මූලස්ථානයට ගෙන්වීම එලඹෙන මහමැතිවරණය අවසන් වන තෙක් කල් තබන ලෙස මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කොට ඇත.

රිෂාඩ් බදූර්දීන් මහතා මැතිවරණ කොමිසම වෙතින් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එම කොමිසම මෙම ලිඛිත ඉල්ලීම පොලිස්පතිවරයාගෙන් සිදු කොට තිබේ.

රිෂාඩ් බදූර්දීන් මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ 2019 අප්‍රියෙල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ ලබා දීමට යයි කියමින් ඔහු අවස්ථා ගණනාවකදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිසියේ නිලධාරීන් කටයුතු කර ඇති බවයි.


ඔහු අහිලා ඉලංගෙයි මක්කල් කොංග්‍රස් පක්ෂයේ නායකයා ලෙස මෙවර මහමැතිවරණයට තරගකරන බවත් ඔහුගේ පක්ෂයේ අපෙක්ෂකයින් 30 දෙනකු පමණ රටේ විවිධ දිස්ත්‍රික්කවලින් තරගකරන බැවින් ඔවුන්ට සහයදීම ඇතුළු මැතිවරණ ප්‍රචාරණ වැඩකටයුතුවල නියැළෙන අතරේ මෙසේ ඔහුට එක් දිනක සිදුකෙරෙන ප්‍රකාශ ලබාදීමට දින තුනක්වත් කැපකිරීමට සිදුවන බැවින් මෙම පරීක්ෂණ කල්තබන ලෙස ඔහු ඉල්ලා ඇත.

ඒ පිළිබඳව සලකා බලා ඇති මැතිවරණ කොමිසම පසුගිය ජූලි මස 15 වැනිදා දාතමින් පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියෙන් ඉල්ලා ඇත්තේ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාගෙන් මෙවැනි ප්‍රශ්න කිරීම හෝ ප්‍රකාශ ලබාගැනීම අගෝස්තු මස 10 වැනිදා දක්වා කල්තබන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොමිසමේ මෙම තීරණය ජනාධිපතිවරයාට සහ නීතිපතිවරයා වෙත ද දැන්වීමට කටයුතු කරන බව එම ලිපියේම සඳහන් කොට ඇත.

Exit mobile version