ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරඟ කරනවාද නැතිනම් වෙන් වෙන්ව තරග කරනවාද යන්න තීරණය කිරීම සඳහා මේ වනවිට පක්ෂ දෙක අතර සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව අමාත්‍ය වජිර අබේවර්ධන සහ බැසිල් රාජපක්ෂ මහතා ගේ මූලිකත්වයෙන් මේ වනවිටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව ද අනාවරණය වේ.
බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවෙ සිට පැමිණීමෙන් පසුව සිදුවන මෙම සාකච්ඡාවලින් තවමත් එකඟතාවකට පැමිණීමට නොහැකි ව ඇත්තේ මේ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් ව ඇති නිසා බව මෙම ආරංචි මාර්ග පවසයි. මේ අනුව ඇතම් පක්ෂ නියෝජිතයන් පොදුජන පෙරමුණ සහ ඒ සමඟ සිටින සියලුම පක්ෂද එක්කරගෙන එක්සත් ජාකික පක්ෂය සඟ එක්ව තරඟ කිරීම පිළිබදව යෝජනා කර ඇති අතර තවත් පිරිසකගේ මතය වී ඇත්තේ වෙන් වෙන් තරඟ කොට පසුව එක්වීම පිළිබඳවය. මේ අතර ඉදිරිපත්ව ඇති තවත් යෝජනාවක් වන්නේ වාසිදායක ප්‍රදේශ අනුව එක් එක්වත් වෙන් වෙන්වත් තරඟ කිරිම සුදුසු බවය.
කෙසේ වුවද ඉදිරි සති දෙක තුළ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසන් තීරණයකට එලඹෙනු ඇති බව මේ පිළිබිඳව අදහස් දැක්වූ පොදු ජන පෙරමුණු ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.