ඡන්දයට එරෙහි පෙත්සම් විභාගය ගැන අවසන් තීන්දුව හෙට

ලබන ජූනි මස 20 දා මහා මැතිවරණය  පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය  අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු  පෙත්සම් විභාගයට ගන්නවා නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුව හෙට (02) සවස 03 ට ප්‍රකාශ කරන බව    පංච පුද්ගල විනිසුරු මණ්ඩලය අද (01) දැනුම් දුන්නේය.

මෙම තීන්දුව ප්‍රකාශය කරන දිනය සම්බන්ධ එකඟතාවයකට පැමිණීමට පෙර අදත් අතුළුව අවස්ථා 10ක දී මෙම විනිසුරුවරු රැස් වූහ.

මෙම පෙත්සම් විභාගය පසුගිය 18 දා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ගේ සභාපතිත්වයෙන්  යුතුව බුවනෙක අලුවිහාරේ, සිසර තාබෘෘ, විජිත් මලල්ගොඩ හා ප්‍රියන්ත ජයවර්ධනය යන විනිසුරුවරු සහිත පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ආරම්භ විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාඨලී චම්පික රණවක, නීතිඥ චරිත ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් නීතිපතිවරයා සහ  මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Exit mobile version