චෝදනාවලින් නිදොස්ව නිදහස් වූ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍ය ධූරයේ යළි දිවුරුම් දෙයි.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා   අද (02) පස්වරුවේ  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ   ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජපානයේ, “තයිසේ” සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන්  මෙන්ම විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන්  අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ සලසමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහු තාවකාලකිව ධූරයේ වගකීම්වලින් ඉවත් කළේය.

ඒ සඳහා පරීක්ෂණයක් සිදුකීරීමට සැලසුම් වෙමින් තිබිය දි  රටේ ඇතිවූ කැළඹීම් තත්ත්වය මත ජනාධිපති ගෝඨාභය රාජජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වුනේය.

අනතුරුව මේ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස නිමල් සිරිපාල ද සිල්වා නව ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව  විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන   ගේ සභාපතිත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් ජූලි 22 වනදා ජනාධිපතිවරයා  විසින් පත් කරනු ලැබුවේය.


එහි අවසන් වාර්තාව ජූලි 31 වනදා ජනාධිපති ලේකම්තුමා වෙත භාර දීම සිදු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම කමිටුවේ වාර්තාව අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

Exit mobile version