චෙම්මිනි හින්දු සුසාන භූමිය අසලින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

දිනසේන රතුගමගේ –

යාපනයේ චෙම්මනී හින්දු සුසාන භූමිය අසල තිබී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා පතරොම් තොගයක් 8 දා උදෑසන සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය හා පතරොම් සොයා ගෙන ඇතත් ඒවා අයිති කා හට දැයි මෙතෙක් තහවුරු වී නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.


Exit mobile version