චෙන්නායි – යාපනය ගුවන් ගමන් සේවා සැපයීමට ඉන්දියාව තුළ අභ්‍යන්තර ගුවන් සේවා සපයන සමාගමක් අවසර ඉල්ලයි…

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ චෙන්නායි හා යාපනය අතර ගුවන් ගමන් සේවා සැපයීම සඳහා තවත් ඉන්දීය ගුවන් සමාගමක් ලංකා රජයෙන්  අවසර ඉල්ලා තිබේ.

ඉන්දියාව තුළ දැනට අභ්‍යන්තර ගුවන් ගමන් පමණක් සිදු කරනු  ලබන ඉන්ඩිගෝ එයාර්ලයින් (Indigo Airlines) නැමති සමාගම යාපනය හා චෙන්නායි අතර නව ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට මෙසේ අවසර ඉල්ලා ඇත. 

ශ්‍රී ලංකා රජයෙන් ඊට අවසරයක් ලද වහාම පර්යේෂණ හා නියමු ගුවන් ගමන් වාර කීපයක් චෙන්නායි හා යාපනය අතර  සිදු කිරීමට එම සමාගම බලාපොරොත්තු වෙයි.

මේ පිළිබදව කරුණු සාකච්ඡා කිරීමට එම ගුවන් සමාගමේ නිලධාරීන් පිරිසක් ශ්‍රි  ලංකාවට පැමිණ සදහ අවසරයද ඉල්ලා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට චෙන්නායි හා යාපනය අතර ගුවන් යානා සේවයේ යොදවා අත්තේ එක් ගුවන් සමාගමක් පමණකි.

Exit mobile version