චීන – ශ්‍රී ලංකා ගනුදෙනු සඳහා අනවශ්‍ය බාධා නොකරන්න… චීනය ඉන්දියාවට අවවාද කරයි!

හම්බන්තොට වරායට ලබන 11 වැනිදා පැමිණීමට නියමිතව ඇති චීන චන්ද්‍රිකා නිරීක්ෂණ අධි තාක්ෂණික පහසුකම් සහිත යුවාන් වෑන්ග් 5 නෞකාව පැමිණීමට විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව වෙත ප්‍රතිචාර දක්වා ඇති චීනය ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සාමාන්‍ය ගනුදෙනු හුවමාරු සඳහා බාධා නොකරන්නැයි සෘජුවම අවවාද කර තිබේ.

මේ පිළිබඳව අද (08) අදහස් දක්වා ඇති චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා ශ්‍රී ලංකාවට පැමිණෙන චීන නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දැක්වීම හැඟීම් රහිත ක්‍රියාවක් ලෙස ද හඳුන්වා දී තිබේ.

මෙම අගෝස්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ රැඳී සිටීම සඳහා කලින්, ශ්‍රී ලංකා රජය අවසරය ලබා දී තිබුණ ද මේ වන විට එල්ල වී ඇති, දැඩි ඉන්දීය විරෝධය මැද, පෙරේදා (06) ශ්‍රී ලංකාව, චීන රජයෙන් ඉල්ලා ඇත්තේ වැඩිදුර උපදෙස් ලැබෙන තෙක් මෙම නෞකාව  ශ්‍රී ලංකාවට ඇතුළු කිරීමෙන් වළකින ලෙසයි.

මෙම නෞකාව, විශාල පරාසයක ගුවන්ගතව පවතින චන්ද්‍රිකා  නිසි ලෙස හඳුනා ගැනීම සහ නැව ගමන් කරන කලාපයේ ඇති සංවේදී දත්ත හා තොරතුරු එක් රැස් කර ගැනීමට පවතින හැකියාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති අතර එම තොරතුරු මත මෙම නෞකාව ශී ලංකාවට පැමිණීමට ඉඩදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි විරෝධයක් එල්ල කළේය.


මේ පිළිබඳව අද (08) මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වෑන්ග් වෙන්බින්ග් තවදුරටත් ප්‍රකාශ කළේ මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්. එයට ඕනම රටක් සමඟ සම්බන්ධතා වර්ධනය කර ගත හැකියි. චීනය හා ශ්‍රී ලංකාව තම සහයෝගීතාවය ස්වාධීනව තෝරාගත් එකක්. එය තුන්වෙනි පාර්ශවයක් ඉලක්ක කරන්නේ නෑ. ආරක්ෂාව සම්බන්ධ කාරණා යැයි සළකා ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම හැඟීම් රහිත ක්‍රියාවක්. මෙහිදී මා තව දෙයක් අවධාරණය කළ යුතුයි.. ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගරයේ ප්‍රවාහන මර්මස්ථානයක්. විවිධ විද්‍යාත්මක ගවේෂණ නෞකා සැපයුම් සඳහා ශ්‍රී ලංකා වරායන්ගේ නවත්තනවා…”

Exit mobile version