චීන පොහොර රටට ගෙන්වන්නේ නැති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද කියයි…

කීර්ති ප්‍රනාන්දු – 

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් එම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා පවසයි.


මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු කෘෂිකර්ම අමාත්‍යවරයා, මෙසේ පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපි වගකිව යුතු රජයක් වීදියට ශ්‍රී ලංකාවේ භූමියට ශාකවලට හා සත්වයන්ට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවට අප මීට පෙර ලබාදුන් සහතිකය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි චීන සමාගමේ පොහොර නැවැත්වීමට තීරණය කළේ. පසුගිය රජය සමයේ රටට අපේ භූමියට අහිතකර පොහොර විශාල වශයෙන් ආනයනය කර තිබෙනවා. එම පොහොරවල අහිතකර ක්ෂුද්‍ර ජීවින් බැක්ටීරියාවන් තිබෙන බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබීයදී එම රසායනාගාර වාර්තා වෙනස් කර අහිතකර පොහොර ගෙනවිත් ගොවින්ට බෙදා දී තිබෙනවා. එසේ වුවත් අප ජනතාවට වගකියන රජයක් විදියට කිසිදු අහිතකර පොහොර වර්ගයක් මෙරටට ගෙන්වන්නේ  නැති බව අප ජනතාවට සහතික වෙනවා.”

 

Exit mobile version