චීන පොහොර නැව පිටව ගිය බව මහින්දානන්ද අධිකරණයට දැනුම් දෙයි…

Hippo-Spirit

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බවට වාර්තාවූ කාබනික පොහොර තොගයක් රැගෙන පැමිණි හිපෝ් ස්පිරිට්   චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව එම නෞකාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  අද (08) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකාබැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ   වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන්    එම දැනුම්දීම සිදුකළේය.

සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version