චීන පොහොර නැවට සල්ලි ගෙවන්න එපා! වාණිජ අධිකරණයෙන් නියෝගයක්

අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට මෙරට නිරෝධායන අංශවලින් තහවුරු කරන ලද මතභේදාත්මක චීන කාබනික පොහොර තොගය  ශ්‍රි ලංකාවට එවන ලද ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගමට එරෙහිව සීමාසහිත ලංකා පොහොර සමාගම ඊයේ (22) කොළඹ  වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම සමාගම වෙනුවෙන් විවෘත කර ඇති ණයවර ලිපියට අදාළ මුදල් ගෙවනු ලැබීම අත්හිටුවමින්  දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුව වෙත අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

ලංකා පොහොර සමාගම වෙනුවෙන් රජයේ නීතීඥ සෙහාන් සොයිසා සහ ආචාර්ය චාරුකා ඒකනායක, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි   පෙනී සිටියහ.


ටෙන්ඩර් ක්‍රියාවලියක් මත චීන සමාගමට විෂ බීජ හරණය කළ  කාබනික පොහොර නැව්ගත කරන ලෙස ඇණවුම් කළද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් සිටිය හැකි බව නෞකා වාර්තාවලින් පිළිගෙන ඇති තත්ත්වයක් තුළ  මෙම පොහොර තොගය ලබා ගත නොහැකි බවට පෙන්වා දී ඇත. .

ජාතික ශාක නිරෝධායන සේවා විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්‍ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් සිටින බව ඉන් තහවුරු කර තිබේ.

මෙම තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබා ගත් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් නැව්ගත කිරීමකි.

මෙම පොහොර රැගත් හිපෝ ස්පිරිට් නම් නෞකාව චීනයෙන් ශ්‍රි ලංකාංව බලා පිටත්ව තිබියදී මෙරට සිදුකෙරුණු පොහොර සාම්පල පරීක්ෂාවලදී එහි අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වීම හේතුවෙන් මෙම පොහොර තොගය කෘෂිකර්ම දෙපාර්මේන්තුමේන්තුව විසින් ප්‍රතික්ෂේප කෙරුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙම නෞකාව මීට දින කිහිපයකට පෙර සිංගප්පූරු වරායට සෙන්දු වු අතර ඊයේ ශ්‍රි ලංකාවට පැමණ මේ වනවිට වරායෙන් පිටත නැංගුරම් ලා සිටී. මේ අතර ඊයේ එම චීන පොහොර සමාගමේ අධ්‍යක්ෂිකා සොං හයි මෙයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පවසා ඇත්තේ චීන විද්‍යාගාරවල සිදු කෙරුණු සාම්පල පරීක්ෂාවලින් මෙහි අහිතකර ක්ෂ්‍රදු ජීවීන් නොමැති බැවින් පවතින පොහොර අර්බුදය හමුවේ ලාබදායී විසඳුමක් ලෙස එය භාවිත කරන ලෙසය.

Exit mobile version