චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

යුවාන් වෑන් 5 චීන අභ්‍යවකාශ නිරීක්ෂණ පහසුකම් සහිත යුධ නෞකාව හම්බන්තොටට පැමිණීමට ශ්‍රි ලංකා රජය අවසර ලබා දුන්නේ අසල්වැසි රාජ්‍යයන් විසින් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් සහ සැලකිල්ල සම්පූර්ණ වශයෙන් සැලකීමෙන් අනතුරුව බවත් අසල්වැසි රටවල ආරක්ෂාව සහ සහයෝගීතාව ඉතා ඉහළ ප්‍රමුඛත්වයක්  සේ සලකා මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ශ්‍රි ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරයි.

මතභේදාත්මක චීන අභ්‍යවකාශ සහ මිසයිල් නිරීක්ෂණය කිරීමේ පහසුකම් සහිත මතභේදාත්මක චීන නෞකාව  ශ්‍රි ලංකාවට පැමිණිමට සිය අවසරය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති විදේශ අමාත්‍යංශය තවදුරටත් අවධාරණය කරන්නේ මෙම නෞකාවට අවසරය ලබා දී ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු අදාළ ආයතනවල අවසරය පදනම් කරගෙන  ශ්‍රි ලංකාවේ මුහුදු කලාපය තුළ (විශේෂිත ආර්ථික මුහුදු කලාපය තුළ) එය ගත කරන කාලය තුළ නෞකාවේ  ස්වයංක්‍රීයව හදුනා ගැනීමේ පද්ධතිය සක්‍රියව ව තබා ගැනීම සහ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් මෙම සීමාව තුළ සිදු නොකරන බවට වන සහතිකය මත බව ද සඳහන් කරයි

විදේශ අමාත්‍යංශයට අනුව  නෞකාව සඳහා ශ්‍රි ලංකාවේ තානාපති කාර්යාලය හම්බන්තොට වරායට මෙම නෞකාව ඉන්ධන පිරවීම ඇතුළු සේවා කටයුතු සඳහා පැමිණීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා ඇත්තේ පසුගිය ජූනි මාසයේදීය. සියලු කරුණු සැලකිල්ලට ගෙන එම නෞකාවට කොන්දේසි සහිතව මෙරටට පැමිණීමට අවසරය ජූලි මස 12 වනිදා ලබා දි ඇති බවද විදේශ අමාත්‍යංශය පවසයි. කෙසේ වුවද මෙම නෞකාව  පැමිණීම පිළිබඳ ව විවිධ පාර්ශ්වයන් වෙතින්  දැක්වූ දැඩි අවධානය සහ සැලකිල්ල හේතුවෙන් එම නෞකාව සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගන්නා තෙක් එම නියමිත දිනයට ශ්‍රි ලංකාවේ වරායට ඇතුළු නොකරන ලෙස ශ්‍රි ලංකා රජය දන්වා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ  වුවද මේ නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන සියලුම පාර්ශ්ව සමඟ දීර්ඝ වශයෙන් සිදු කරන ලද සාකච්ඡාවලින් පසුව කිසිදු අයකුට බලපෑමක් නොවන පරිදි එම නෞකාව මෙරටට ගෙන්වීමට අදාළ අවසරය ලබා දුන් බව විදේශ අමාත්‍යංශය සිය නිවේදනය  මඟින් තවදුරටත්  සඳහන් කරයි. .

 

Exit mobile version