චීන ජාතික ගීය වෙනුවට වාදනය වූ හොංකොං විරෝධතාකරුවන්ගේ ගීතය

හොංකොන් හී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතර කරන ලෙසට බලකනර විරෝධතා වෙනුවෙන් නිර්මාණය වී ගීතයක් පසුගියදා බොස්නියාවේ සහ හර්සගොවිනා හි පැවති ක්‍රීඩා උළෙලකදී චීන ජාතික ගීය වෙනුවට වාදනය කර තිබේ.

සරසිවෝ හි ඇති අයිස් හොකී ක්‍රීඩා උත්සවයකදී මෙලසෙ චීන ජාතික ගීය වෙනුවෙන් අදාල ගීතය වාදනය වී ඇති අතර ගතවූ වසරක කාලයකදී මෙලෙස චීන ජාතික ගීය වෙනුවනට හොංගොන් විරෝධතා කරුවන් නිර්මානය කළ ගීතය වාදනය වූ හයවන අවස්ථාවය මෙයයි.

කෙසේවෙතත් අදාල ගීතය තත්ත්පර අනූවක කාලයක් වාදනය වීමෙන් අනතුරුව නිවැරදි ජාතික ගීය වාදනය වී ඇති අතර එහිදී හොංකෙන් හී ක්‍රීඩකයින් ඊට විරෝධය දක්වමින් හස්ත්‍ර මුද්‍රාවක් පෙන්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී නිවේදකයා විසින් වැරදි ගීතයක් වාදනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති අතර ඉන් පසුව නිවැරදි ජාතික ගීය වාදනය කර තිබීමද විශේෂත්වයකි.
.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හොංකොං රජය සිය බලවත් අප්‍රසාදය පළකර තිබිණි. මේ අතර වැරදි ගීතයක් වාදනය කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පත්වන ලෙසද චීන බලධාරීන් විසින් අදාල ක්‍රීඩා උත්සවය සංවිධානයක මණ්ඩලයෙන් ඉල්ලීමක්ද කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එස්එෆ් ඇන්ඩ් ඕසී පුවත්පතට අනුව, හොංකොං අයිස් හොකී සංගමය විසින් සිය නීතිරීති අනුව කටයුතු කරන ලද අතර, මෙම අවස්ථාවට එහි සංවිධායකයින්ට නිවැරදි ජාතික ගීය ලබා දී තිබේ. මෙහිදී එම ක්‍රීඩා උත්සවයට සම්බන්ධ වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම් කළමනාකරු සුදුසු ආකාරයකින් ප්‍රතිචාර දක්වා ඇත බවත් එහිදී සංවිධායකවරයාට උපදෙස් දී ඇත්තේ වහාම නිවැරදි ගීතය වාදනය කරල ලෙසටයි.

Exit mobile version