චීන එන්නත ජනතාවට ලබාදීමේ කටයුතු ලහි ලහියේ සූදානම් …

චීන සයිනොෆාම් එන්නත පිළිබඳ පුරෝකථනය සඳහා එන්නත් නිශ්පාදකයන්ගෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා තිබූ එන්නතට   අදාල   සායනික අත්හදා බැලීම් වාර්තා සහිත අවශ්‍ය සියලු ලියකියවිලි ඖෂධ නියාමන අධිකාරියට අද (7) සවස ලැබුණු බවත්, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් බලා සිටියේ එම එන්නත නියාමන නිශ්කාශනය කිරීම සඳහා මෙම තොරතුරු ප්‍රමාණය ලැබෙන තුරු බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව එම ලේඛණ ඖෂධය නියාමන නිශ්කාශනය සඳහා පත් කළ විශේෂඥ කමිටුව වෙත ලබන සඳුදා යොමු කිරීමට කටයුතු කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය


ඖෂධ නියාමන අධිකාරීයේ සභාපති වෛද්‍ය රසික විජේවන්ත මාධ්‍යයට පවසා තිබුණේ ඖෂධය පිළිබඳ විමසීමට පත්කළ දේශීය විශේෂඥ කමිටුවේ නියාමන නිෂ්කාශනයට යටත්ව හෝ  ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා කෙරෙන ලයිස්තුගත කිරීමට යටත්ව   මෙම එන්නත රට තුළ භාවිතා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරන බවය.

ලබන සඳුදා ඖෂධය සඳහා දේශීය විශේෂඥයන්ගෙ අනුමැතිය ලැබුණහොත්  එය ජනතාව වෙත භාවිතා කිරීමට අනුමත කළ හැකි බවත්, නැතහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි එන්නත් ලයිතුගත කිරීමට මෙම එන්නත ලක්වන තුරු බලා සිටිය යුතු බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඊයේ චීන තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් කියා තිබුණේ චීන ජනතාව මිලියන 280ක් මෙ එන්නත භාවිතා කළ බවත්, රටවල් 40ක පුරවැසියන් මෙම එන්නත ලබාගෙන ඇති බවත්, එන්නතෙන් සංකූලතා මතුවී එකම මරණයක්වත් වාර්තා නොවූ බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version