චීන එන්නතට එරෙහි විද්වතුන්ට පන්න පන්නා ගැහිල්ල අරඹලා…

චීන සීනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කළ විද්වතුන්ට එළව එළවා මඩ ගැසීම හා පුද්ගලික චරිත ඝාතන කටයුතු ආරම්භ වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කරයි.

එහි එක් ආරම්භයක්  ලෙස ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපතිවරයා හා  හිටපු ප්‍රධාන විධායක නිලධාරියා විසින් ටෙන්ඩර් වංචාවක් කර ගොඩනැගිල්ලක් ලබා ගත් බවට පුවත් සමාජ මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍යයේ පල කරමින් සිටි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම වංචා චෝදනා සම්බන්ධව හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය අසිතද සිල්වා පිළිතුරු දෙමින්  පවසා තිබුණේ  මේ කටයුත්ත  සිදුකරනු ලැබුවේ අතිශය නීත්‍යානුකූළව,    රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයන් අනුගමනය කරමින් බවය.


“ ඖෂධ නියාමනයේ හිටපු ලොක්කො දෙන්නෙක් කරපු මගඩියක් පසුපස පන්නයි“  යන සිරස්තලයෙන් එක්තරා පුවත්පතක් පල කළ පුවතක් ඉලක්ක කර  කරුණු පැහැදිලි කරන මහාචාර්යවරයා    දක්වා ඇති ලිඛිත සටහනට අනුව තමන් තරගකාරී මිල ගණන් යටතේ ලංසුකරුවන්ට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව ලබා දෙමින් ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුකූලව අධිකාරියේ වෙබ් අඩවියේ දැන්වීම් පලකර  අධිකාරියේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ,  සහ අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරයෙකුගේ සහභාගිත්වයෙන් එහි සියලු කටයුතු නීත්‍යානුකූළව හා පාරදෘශ්‍ය ආකාරයට සිදුකළ ආකාරය පවසයි.

මෙම ගොඩනැගිල්ල බදු ගැනීම නිසා තමාට කිසිදු පුද්ගලික වාසියක් ලැබී නැති බව ඉතා වගකීමකින් ප්‍රකාශ කරන බවද මහාචාර්යවරයා එම ලිපියේ සඳහන් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දැනට පවතින ගොඩනැගිල්ලේ ඇති  ඉඩකඩ කාර්ය මණ්ඩලය සඳහා ප්‍රමාණවත් නොවන බව දැනට වසර කීපයක සිට හඳුනාගත් ගැටලුවක් බව පවසන ඔහු    ඒ නිසා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම පවා ප්‍රශ්නයක් වී තිබුණු  අයුරු කියයි. “

Exit mobile version