චීන – ඇමරිකා ජනපතිවරු හමුවෙති!

jo-biden-xi-jinping_

අද (15) ඉන්දුනීසියාවේ බාලි දූපත්හි ආරම්භවන  ජී 20 රාජ්‍ය නායක සමුළුවට   සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පළමු වරට විශේෂ හමුවක් පවත්වා තිබේ.

එය ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමු වූ පළමු අවස්තාව විය.

එහිදී දෙපාර්ශවය අතර කරුණු කිහිපයක් සඳහා එකඟතාවයට පැමිණි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව, දේශගුණික විපර්යාස, ගෝලීය සාර්ව ආර්ථික ස්ථාවරත්වය වැනි අන්තර්ජාතික අභියෝගවලට විසඳුම් සෙවීමටත් ණය සහන සහ සෞඛ්‍ය සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් අමෙරිකා සහ චීනය සහයෝගීව කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් පවසා තිබේ.


 

Exit mobile version