චීන ආරක්ෂක ඇමතිගේ රථ පෙළපාළියට විරෝධය පෑ අයෙක් අත්අඩංගුවට…

චීන ආරක්ෂක ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂක රථ පෙළකින් කොළඹ කරා පැමිණෙද්දී ඊට විරෝධතාවය  දැක්වූ බවට හඳුනාගත් පුද්ගලයෙක් පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පල කළ වීඩියෝවකින් හා ඒ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කළ හඳුනාගැනීමකින් අනතුරුව බොරැල්ල පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි   පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ මෙම පුද්ගලයා වෙනත් පුද්ගලයින්ද උසි ගන්වමින් හැසිරී ඇතැයි නිරීක්ෂණය වී ඇති බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා වසර දහයක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරට පැමිණි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයෙක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය

Exit mobile version