චීනෙට හිරිහැර කිරීම වානේ තාප්පෙක හිස ගසාගැනීමක් – ජනපති කියයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සැමරුමේදී චීනයෙන් සැර ප්‍රකාශයක්

විදේශ බලවේග චීනයට හිරිහැර කිරීමට උත්සහ කළහොත් එය දැවන්ත වානේ ප්‍රාකාරයක හිස ගසාගැනීමකට සමාන වනු ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රකාශ කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සර උළෙල වෙනුනේ බීජි නුවර තියන්මෙන් චතුරශ්‍රයේ පැවති උත්සවයේදී ජින්පිං මේ බව ප්‍රකාශ කළේය.


ජින්පිං සිය කතාවේදී ඇමරිකාව මූලික වශයෙන් ඉල්ලක්ක කර කරන ලද අදහස් දැක්වීම සිදුවිය.

මේ අතර තායිවානය පූර්ණ වශයෙන් චීනයට එක්විය යුතු බවත් තායිවනයට ස්වාධීන වීමට ඉඩදිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉතාම උත්සවාකාරයෙන් පැවති මෙම සැමරුමට අලංකාර ගුවන් යානා සංදර්ශනයක්ද එක්ව තිබිණි.

දීර්ඝ කතාවක් සිදු කළ ජින්පිං චීන කොමියුනිස්ට් පක්ෂය එරට ආර්ථික සහ සමාජීය ප්‍රගමනයට විශාල දායකත්වයක් සිදු කළ බවත් රටේ ඉදිරි ගමනට කොමියුනිස්ට් පක්ෂය අතිශය වැදගත් සාධකයක් බවද සඳහන් කළේය.

“චීනය මුදවාගත හැක්කේ සමාජවාදයෙන් පමණයි. සමාජවාදී මාර්ගයකින් පමණයි චීනය දියුණුමේ හිනිපෙත්තටම ඔසවා තැබිය හැක්කේ.”

“කවුරුන් හෝ චීනයට බලපෑමක් කරන්න හිතනවා නම් ඒ අයට බිලියන 1.4ක් වූ චීන ජනතාවගෙන් නිර්මාණය වූ දැවැන්ත වානේ ප්‍රකාරයක් හිස ගසා ගන්න සිදුවෙනවා.” යනුවෙන්ද පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට චීනය සහ ඇමරිකාව අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති. පසුගියදා පැවති ජී 7 සමුළුවේදීද චීනයට එරෙහිව ඇමරිකාව අදහස් දැක්වීය.
ඉන් අනතුරුව නේටේ සංවිධානයද මෙතෙක් රුසියාව මූලික කරගෙන ගෙන ගිය වැඩපිළවෙල චීනය දෙසට යොමු කිරීමට පියවර ගනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතරම තායිවානය සම්බන්ධයෙන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් මේවන විට නිර්මාණය වී ඇත.

Exit mobile version