චීන්නු උතුරු මුහුදට බසිති… ඉස්සන් කකුළුවන් නොව, මුහුදු කූඩැල්ලොත් අල්ලන්න පටන් අරන්…

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේ පුනරීන් මුහුදේ චීන ජාතිකයින් විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රා යොදාගෙන මසුන් මැරීම නිසා පළාතේ ධීවරයින්ට ධීවර රැකියාව අහිමි වී යන තත්ත්වයක් උද්ගත වී ඇතැයි පුනරීන් ධීවරයෝ ප්‍රකාශ කොට සිටිති.

චීන ජාතිකයන් මුහුදු කූඩැල්ලන් ද අල්ලන්න පටන් ගෙනය

ශ්‍රී ලංකාව හා චීනය එක්ව ආරම්භ කොට ඇති සමාගමක් විසින් කිළිනොච්චිය පුනරීන් පුවරසන් දූපත ආශ්‍රිතව පිහිටුවා ඇති මුහුදු ආහාර සැකසීමේ මධ්‍යස්ථානයේ සිටින චීන ජාතික ධීවරයින් මසුන් මුහුදු කූඩැල්ලන් ඉස්සන් දැල්ලන් හා කකුලුවන් විශාල ප්‍රමාණවලින් ඇල්ලීමට පටන් ගෙන තිබීම නිසා පුනරීන් ධීවරයෝ  ඉතා අසරණ වී සිටිති.

පළාතේ ධීවරයින් ප්‍රකාශ කරන්නේ චීන සමාගම් විසින් උතුරු මුහුදේ ධීවර කටයුතු වල නිරත වීමේ ප්‍රශ්නය ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීමට වඩා තර්ජනයක් වී ඇති බවයි.


කලපු ප්‍රදේශයේ ස්වරූප..

ශ්‍රී ලංකා හා චීන හවුල් සමාගම පුනරීන් ප්‍රදේශයේ පිහිටුවනා ලද අවස්ථාවේදී කිළිනොච්චියේ ධීවර සංගමය ඊට දැඩි විරෝධය පලකරණ ලද නමුත් ඒ අවස්ථාවේදී එම සමාගමේ කටයුතු නිසා පළාතේ ධීවරයින්ට ප්‍රශ්නයක් නොවන බවට බලධාරීන් සහතික විය. ඒ නිසා ධීවර සංගම්ද  එම අවස්ථාවේදී නිහඬ වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් චීන ජාතික ධීවරයෝ මේ වන විට මුළු පළාතේම මහා පරිමාණයෙන් ධීවර කටයුතු වල නිරත වීමට පටන් ගෙන තිබේ.

Exit mobile version