චීනය සමග ගනුදෙණු කර ලංකාව වැටුණු වලේ වැටෙන්නෙ නෑ…බංගලාදේශය කියයි…

චීනය සමඟ ගනුදෙනු කිරීමේදී අසල්වැසි ශ්‍රී ලංකාව කළ වැරදි වලින් පාඩමක් ඉගෙන ගෙන, ඔවුන් අද පත්ව ඇති තත්වය පූර්වාදර්ශ කොට චීනය සමග ගනුදෙණු කරන බවත්, චීනය සමග  කරන ගනුදෙණුවේ දී ඉතා සමබර හා ක්‍රමාංකනය කළ ආයෝජන පිළිවෙතක් අනුගමනය කරන බවත්   බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනාගේ විදේශ කටයුතු උපදේශක ගවුහර් රිස්වි පවසයි.

බංගලාදේශය වෙනුවෙන් අයි.බී.ටයිම්ස් ජාත්‍යාන්තර ව්‍යාපාර සඟරාමය වෙබ් අඩවියට රිස්වි  මෙම ප්‍රකාශය කරනු ලබන්නේ දිළිඳු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කීපයක් චීනයේ උපාය මාර්ගික ණය උගුලට හසුව තිබෙන අවස්ථාවේ දී ය.

චීන ණය ගෙවීමට නොහැකි වීමෙන් පසු ස්වකීය වත්කම් පාලනය කිරීමට චීනය විසින් බලකෙරුණු ශ්‍රී ලංකාවෙන් සහ ජිබුටි රාජ්‍යයෙන් තමන්ට අවශ්‍ය තරමේ පාඩමක් ඉගෙන ගත හැකි බව  රිස්වි වැඩිදුරටත් මෙහිදී පැවසීය.


ජිබුටි රාජ්‍යයට  චීනය විසින් ලබා දුන් ණය ඔවුන්ගේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන්   70% කට වඩා වැඩි වී ඇතැයි කියනු ලැබේ. චයිනා ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට් ට්‍රැකර්ට අනුව, ජිබුටි හි චීන ආයෝජන සහ කොන්ත්‍රාත්තු 2013 සිට 2020 දක්වා ඩොලර් බිලියන 1.02 ක් වූ අතර ඒවායින් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහන අංශයේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපි ස්වාධීන රාජ්‍යයක් වුනේ විමුක්ති යුද්ධයකින්…   අපි අපේ ණය ගැනීම් ඉතා පරිස්සමින් නිරීක්ෂණය කරනවා. අපගේ විදේශ ණය ආපසු ගෙවීමේ ණය ආපසු ගෙවීමේදී අප ආර්ථික වශයෙන් ඉතා සෞඛ්‍ය සම්පන්න තත්වයක ඉන්නවා.“ රිස්වි වැඩිදුරටත් පැවසීය.

 

 

 

Exit mobile version