චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව

Joe Biden

ආසියානු කාලපය තුල නැගී එන චීනයෙන් බලයට පිළිතුරක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉන්දු පැසිපික් ආර්ථික රාමුවක් දියත් කරමින් කලාපය තුල ඇමරිකානු බලය තහවුරු කිරීමට සැලසුම්කර ඇත.

ඒ අනුව එළැඹෙන සතියේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් නැගෙනහිර ආසියාවේ සංචාරයක නිරතවීමටද නියමිත අතර එහිදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තාවේ.

මෙහිදී එකස්ත් ජනපදයට මෙම ආර්ථික රාමුවට ඉන්දියාව එක් කරගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින අතරම මෙම වැඩසටහන හුදෙක් එක්සත් ජනපදය සිය බලය ආසියානු කලාපය තුල පැතිරවීම උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහනක් බවට අනාවරණය වේ.


මෙම ආර්ථික රාමුවේ දී ප්‍රධාන අංශ හතක් කෙරෙහි අවධානය යොමුව තිබේ. ඒ අනුව වෙළෙඳ පහසුකම්, කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යවසායන් සඳහා ඩිජිටල් ආර්ථිය සහ තාක්ෂණය කටයුතු සඳහා ප්‍රමිතීන්, සැපයුම් දාම ශක්තිමත් කිරීම, කාබන් විමෝචනය අවම කිරීම සහ පිරිසිඳු බලශක්තිය, යටිතල පහසුකම් සහ කම්කරුවන්ගේ ප්‍රමිතීන් යන අංශ කෙරෙහි අවධානය යොමුව ඇත.

අදාල ආර්ථික රමුව නිදහස් වෙළඳ ගිවිසුම් මත පදනම් වූ සාම්ප්‍රදායික වෙළඳ සමූහයකින් වෙනස් වේ. එය දත්ත ආරක්ෂණයේ සිට කාබන් විමෝචනය කපා හැරීම දක්වා ක්ෂේත්‍ර ආවරණය කරමින් වෙළඳ නීති ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ.
එහිදී සාමාජික රටවලට රාමුවේ සියලුම අංශ වෙත සහභාගීවීමට අවශ්‍යතාවයක් නොමැති අතර තමන්ට හැකි සහ අභිමතය දරණ කොටස් වලට පමණක් සහභාගී වීමට හැකියාව පවතී.
එහෙත් බොහොමයක් ආසියානු කාලපයේ රටවල් මෙම ආර්ථික රාමුවට එක්වීමට මැලිකමක් දක්වයි. ඊට හේතුව වී ඇත්තේ එය හුදෙක් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ විධායක නියෝගයක් මත පදනම්ව සැකසී තිබීම හේතුවෙනි.
ඒ අනුව මෙම ආර්ථික රාමුව එක්සත් ජනපද සෙනට් සභාවෙන් අනුමත කරන ලද්දක් නොවන බැවින් නව ජනාධිපතිවරයෙකු පත්වීමත් සමඟ එය වෙනස් වීමේ හැකියාවක්ද පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසෛ්වෙතත් මෙම ආර්ථික රාමුව ගේලීය බලයතුලනය පිළිබඳ සලකා බලන විට ඉතාම වැදගත් වන අතර එමගින් චීනය ගෙන යන එක්තීරයක් එක් මාවතක් වැඩසටහන පිළිතුරක් ලෙස ක්‍රියාත්මක කළ හැකිය. එසේම මේවන විටත් ආසියානු මුහුදු කලාපයේ දැඩි අධිපත්‍යයක් පැතිරවීමට සමත්ව ඇති චීනයට යම් බලපෑමක් එල්ල කිරීමටද හැකියාවක් පවතී.

Exit mobile version