චීනය පරදන අලුත්ම අවිය

Richard Gere

චීනය ටිබටය තුල ගෙන යන දැඩි මර්ධනකාරී ක්‍රියා පාලනය පරාජය කිරීමට සාර්ථිකම අවිය අවහිංසාවාදය බව ටිබෙටයේ ස්වාධීන බව උදෙසා සටහන් කරනු ලබන ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙකු වන රිචඩ් ගියර් පෙන්වා දී තිබේ.

ඒ අනුව අවහිංසාවාදය ඔස්සේ චීනයේ මර්ධනකාරී පාලනයට එරෙහිව නැගී සිටීම චීනයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි. මෙම අවහිසංවාදී ක්‍රමවේදය ඔස්සේ වේගවත් නොවුනත් ඉතා සාර්ථික ප්‍රතිඵල අත්කරගැනීමට හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ටිබෙටය සම්බන්ධයෙන් ලෝක පාර්ලිමේන්තු සම්මේලනයේ 8 වන සැසිවාරයට එක්වෙමින් ගියර් මහතා මේබව සඳහන් කළ අතර එහිදී ඔහු චිනය විසින් ටිබටය තුල ගෙන යන දැඩි මර්ධනකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන්ද සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළේය.


චීනයේ පාලනයට නතුව තිබෙන ටිබෙටය සම්බන්ධයෙන් ගියර් දිගින් දිගටම සිය හඬ නැගූවකු වන අතර ඒ හේතුවෙන් ඔහුට චීනයට ඇතුළු වීම තහනම් කර තිබේ.

මෙහිදී දලයි ලාමා වහන්සේද අදහස් දක්වා ඇති අතර එහිදී ටිබටයේ සංස්කෘතික ගුණාංග ආරක්ෂා කිරීමට පෙරමුණ ගන්නා ලෙසටද ඉල්ලීමක් කර ඇත.

මෙම සම්මේලනයේදී ටිබටයේ සංස්කෘතිය ගුණාංග ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු වූ අතර එහිදී මානව හිමිකම් කඩවීම් වලක්වාලීම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවලට බඳනුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය විසින් දශක කිහිපයක සිට ටිබටය සිය පාලනයට නතු කරගෙන සිටින අතර එහිදී දැඩි මර්ධනකාරී පිළිවෙතක් අනුගමනය කරනු ලබයි. චීන රජය විසින් ටිබටයේ බෞද්ධ උරුමය විනාශ කිරීමටත් සංඝයා වහන්සේලාට අමානූෂීය පහරදීම් සිදුකිරීමටත් ඉතා සුලභ සිදූවීමක් බවට පත්ව තිබේ.

Exit mobile version