චීනය දෙවැනි වෙයි.. ලෝකයේ වැඩිම ජනගහණයක් ඇති රටේ වාර්තාව ඉන්දියාවට හිමි වෙයි…

එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉන්දියාව ඉදිරියට පැමිණ තිබේ.

එම වාර්තාවලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57 ක් ලෙස දැක්වේ.

රටවල් වල ජනගහනය ලැයිස්තුගත කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරම්භ කළේ  වර්ෂ 1950 දී ය.

එදා සිට අවුරුදු 73කට තෙක්  ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාව නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.


1960 වසරෙන් පසුව ප්‍රථම වතාවට පසුගිය වසරේදී  චීනයේ ජනගහනය අඩු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත්  2011 වසරෙන් පසුව ඉන්දියාව ජන සංගණනයක් සිදු කර නොමැති අතර ඒ හේතුවෙන් ඉන්දියාව සතුව ජනගහනය පිළිබඳ නිවැරදි දත්ත නොමැති බවද පැවැසෙයි.

 

Exit mobile version