චීනය එරට දරුවන්ට පරිගණක ක්‍රීඩා සිමාකරයි

චීනය විසින් එරට වයස අවුරුදු 18ට අඩු පිරිසට පරිගණක ක්‍රීඩා කළ හැකි කාලය පැයකට සීමා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එරට වසය අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකුට සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින තුනේදී දිනකට පැයක කාලයක් පමණක් සහ වෙනත් නිවාඩු දිනවලද පැයක කාලයක් පරිගණක ක්‍රිඩා කිරීමට අවසර දී ඇති බව ෂිංහුවා පුවත්සේවය වාර්තා කර තිබේ.

එරට නව පරපුර පරිගණක ක්‍රීඩවලට ඇබ්බැහිවීම වලක්වා ගැනීමේ අරමුණින් චීන රජය මෙම තීරණය ගෙන ඇති බවද චීනය රජය සඳහන් කර ඇත.


ඒ අනුව මෙම තීරණය පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර සියලුම පරිගණක ක්‍රීඩා සමාගම්වලට ආදල කාලයට වැඩි කාලයක් පරිගණක ක්‍රිඩාවල දරුවන් නිතරවීමට ඉඩා ලබාදීම තහනම් වන බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චීන රජයේ මෙම තීරණයත් සමඟ පරිගණක ක්‍රිඩා සමාගම්වලට විශාල බලපෑමක් වනු ඇති බවට වාර්තාවේ. චීනය ලෝව විශාලතම පරිගණක ක්‍රීඩා වෙළෙඳ පොලක් වන අතර එහි වැඩිම පරිශීලකයින් පිරිස වන්නේ එරට ළමා සහ තරුණ පරපුරයි.

මීට පෙර චීනය එරට වයස අවුරුදු 18 අඩු පිරිසට දිනයකට පැය එකහාමාරක කාලයක් ද නිවාඩු දිනව වලදී පැය තුනක කාලයක්ද පරිගණක ක්‍රීඩාවල නිරතවීමට අවසර ලබාදී තිබිණී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මෙම නව නීතිය මේවන විට චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇතිව තිබෙන ආර්ථික යුද්ධයේ එක් ප්‍රතඵලයක් බවටද ඇතැම් විශ්ෂේකයින් පෙන්වා දෙයි.

Exit mobile version