චීනය අප්‍රිකානු කලාපයේ පාන අමුතුම ආලය

 

චීනය විසින් පසුගිය කාලය පුරාවට අප්‍රිකානු කාළාපයට විශේෂ අවාධනයක් යොමු කළ අතර එහිදි චීන රාජ්‍ය තාන්ත්‍රිකයනින් රැසක්ම එම කළාපයේ සංචාරය කෙරිනි.

අප්‍රිකානු කළාපය සහ චීනය අතර සම්බන්ධතා වර්ධනය කිරීමත් බටහිරෙන් එල්ලවෙන තර්ජන සමනය කිරීමටත් චීන විසින් මෙලෙස සිය රාජ්‍ය තාන්ත්‍රිකයින් යොමු කිරිම සිදුවිය.
ඒ අනුව චීන රජයේ විශේෂ නියෝජිතවරිය විසින් බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී එම නියෝජිතවරිය විසින් චීනය ඉදිරියටත් සිය උපරිම සහය ලබාදීමට පියවර ගන්නා බවද ඇය මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ලොව දරිද්‍රතාව අතින ඉහළම අගයක් ගන්නා බුරුන්ඩි රාජ්‍ය මේවන විටත චීන සහය යටතේ ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කර ඇත. එහිදී කෘෂි කාර්මික, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර වලට වැඩි අවධානයක් යොමු කර ඇත.

ඒ අනුව මේවන විට චීනය විසින් බුරුන්ඩි රාජ්‍යයේ කෘෂි කර්මාන්තය සහ ආහාර නිෂ්පාදසය වර්ධනය කිරීමට චීන විද්‍යාඥයින් රැසක් එරටට යැවීමට පියවර ගෙන ඇති අතර බුරුන්ඩි සිසුන් හට චීනයේ ශීෂ්‍යත්ව ලබාදීමටද කටයුතු කර තිබේ.
මේ අතර චීන විශේෂ නියෝජිතවරිය විසින් අප්‍රිකානු කාළපයේ රටවල් කිහිපයකටම සංචාරය කර ඇත. එහිදී ඇය ‍රුවන්ඩාව, කොන්ගෝ, නැමිම්බියා, මැඩගැස්කර, මොරේෂියස්, ෂී සෙල්ස් ඇතුළු රටවල්ද සංචාරය කර ඇත.


ඇයට පෙර තවත් චීන නියෝජිතයින් කිහිප දෙනෙකුම අප්‍රිකානු කළාපයේ සංචරය කර ඇත. මෙහිදී මෙම නියෝජිතයන් විසින් අප්‍රිකානු රටවල් සඳහා ශ්‍රී ලංකාවට මෙන්ම විශේෂ ණය පහසුකම් සහ ව්‍යාපෘති වලට මූල්‍ය පහසුකම් ලබාදීමට පියවරගෙන ඇති බවද වාර්තාවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය මෙම පියවරගෙන ඇත්තේ යුරෝපා රටවල් මේවන විට අප්‍රිකානු කළාපයේ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට අවධානය යොමු කිරීමත් සමඟයි. කෙසේවෙත්ත් චීන මූල්‍ය සහය ලබාගැනීමේදී බෙහෝ රටවල් ශ්‍රී ලංකාවට අත්වූ තත්ත්වය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කිරීමට පියවරගෙන ඇති බවද වාර්තාවේ.

Exit mobile version