චීනයේ සීනෝෆාම් එන්නත මෙරට භාවිතය සඳහා තවම අවසර දෙන්න බෑ…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියත් නෑ... සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහත් කියයි...

නතාෂා නෙත්මිණි  –                                                    

කොවිඩ් මර්දනය සදහා චීනයේ නිෂ්පාදනය කර ඇති සිනෝෆාම් එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා දීමට ප්‍රමාණවත්   ලිපිලේඛණක් මෙතෙක් ජාතික ඖෂධ නියාම අධිකාරියට ලැබි නොමැති බව එහි විධායක නිලධාරී, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ  සදහන් කරයි.

මෙම එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙතෙක් අනුමැති දී නොමැති නමුත් එම සංවිධානයේ මේ වන විට එන්නත සම්බන්ධයෙන් වූ ලියකියවිල් පරික්ෂා කරමින් සිටින බව වෛද්‍ය ජයසිංහ   පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නතට අනුමැති ලබා දුන් පසුව එන්නත නිෂ්පාදනයට අදාල සියලුම ලියකියවිලි  විශේෂඥ කමිටුව මගින් පරික්ෂා කර සිනෝෆාම් එන්නත  මෙරටට සුදුසුද නැද්ද යන්න තීරණය කල  හැකි යැයි විශේෂඥවරයා අවදාරණය කළේය.


මෙයත් කියවන්න..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීන එන්නතට අනුමැතිය දෙන්න බෑ කී ඖෂධ නියාමන අධ්‍යක්ෂවරුන් හතරක් දොට්ට

Exit mobile version