චීනයේ සිට පකිස්ථානයට යන  යුද නැවකට කොළඹ ඇතුළුවීමට අවසර දෙයි !

චීනයේ සිට එන තවත් යුධ නැවකට ශ්‍රි ලංකා වරායට ඇතුළු වීමට ශ්‍රි ලංකාව අවසර  ඇත.

මෙම  නැව පකිස්තාන නාවික හමුදාව වෙනුවෙන් චීනයේ නිෂ්පාදනය කරන ලද මිසයිල ප්‍රහාරක හැකියාවන්ගෙන් සමන්විත යුධ නැවක් වන අතර එය චීනයේ සිට පකිස්ථානයේ නාවික හමුදාවට එකවීම සඳහා යන මංගල ගමන අතරතුර සේවා කටයුතු වෙනුවෙන් කොළඹ වරායට සේන්දු වන බව සඳහන් වේ.

ඒ අනුව මෙම පීඑන්එස් ටයිමූර් (PNS Taimur) ලෙසින් නම් කර ඇති මෙම නෞකාව අගෝස්තු මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා කොළඹ රැඳී සිටීමට නියමිත බව සඳහන් වේ.

චීනයේ ෂැංහයි හි නෞකා නිෂ්පාදන අංගනයක නිමවන ලද මෙම නෞකාව ශ්‍රිලංකාවට  පැමිණෙන්නේ කාම්බෝජය සහ මැලේසියානු මුහුදු තීර පසු කොට එම නාවික හමුදාවන්ගේද සහය  සහ අවසරය මතය.


කෙසේ වුවද  මෙම නෞකාව බංග්ලාදේශයයේ චට්‍රෝග්‍රාම් වරායට පසුගිය 07 වැනිදා ළඟා වීමට පකිස්තානය අවසර ඉල්ලා ඇතත් බංග්ලාදේශයේ අගමැති ෂීක් හසීනා ප්‍රමුඛ රජය එම නෞකාවට පැමිණීම සඳහා අවසර ලබා දී නොමැති බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාව සමඟ බංග්ලාදේශයේ පවතින හොඳ හිත පළුදු වේ ය යන සැකය මත බංග්ලාදේශය මෙම නෞකාවට  ඇතුළු වීම සඳහා අවසර ලබා දී නැති බවද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටමින් මෙම පුවත පත සඳහන් කර තිබේ.

Exit mobile version