චීනයේ දැඩි ආදායම් බෙදීයාමේ විෂමතාවක්

චීනයේ ධනවතුන් සහ දුප්පතුන් අතර ආදායම් බෙදීයාමේ විශාල පරතයත් නිර්මාණය වී ඇති බවට එරටින් වාර්තාවන නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.

ඒ අනුව චීනයේ ගිනී සංගුණකය මේවන වට ඒකක බින්දුවයි දශම හරතයි හයයි හයක (0.466) අගයක් ගෙන ඇති බවට සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. මෙම ගිනී සංගුණකය රටක ආර්ථිකයක ආදායම් බෙදීයාමේ විශමතාවය අවබෝද කරගැනීමට නිරමාණය කරගන්න අතර එහ බිංදුවට අසානන්න වන විට බෙදීයාමේ පරතයර අවම වන අතර එය බිංදුවට දුරින් පිහිටි අගයක් ගැනීම මඟින් ආදායම් බෙදීයාමේ පරතය ඉහල බබවට පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගිනි සංගුණකය ඒකක බිංදුවයි දශම හතරට වඩා ඉහළ අගයක් ගන්නේ නම් එම ආර්ථිකයේ දැඩි ආදායම් බෙදීයාමේ විශමතාවයක් පවතින බවට සලකණු ලබයි. මේ අනුව චීනය තුල මේවන විට දැඩි ආදායම් බෙදීයාමේ විශමතාවයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්නායක උපයෝගී කරගනිමින් සඳහන් කළ හැකිය.


දත්ත වාර්තාවන්ට අනුව චීනයේ ග්‍රාමීය ජනතාව සහ නාගරික ජනතාව අතර විශාල ආදායම් බෙදීයාමේ විශමතාවයක් පවතින බවටද අනාවරණය වේ. මෙහිදී ග්‍රාමීය ජනතාව තවමත් කෘෂිකාර්මික කටයුතු වල නිරතව සිටින අතර එබැවින් ඔවුන්ගේ ආදායම් මට්ටම් පහළ මට්ටමක පවතින බවට පෙනීයයි.

මේ අතර නාගරික ප්‍රදේශ වල නිතරව වන ජනතාව යෙදෙන වෘත්තීන් මගින් ඔවුන් හට සාපේක්ෂව ඉහළ ආදායමක් උත්පාදනය කරන බැවින් ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් ගත කිරීමටත් අවස්ථාව උදාවී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය පසුගිය කාලය පුරාවට වර්ධනය වෙමින් පවතින අතර එය චීනයේ සමාජ සාධාරණත්වය කෙරෙහි දැඩි විවේචනද එල්ල වන තත්ත්වයක් නිර්මානය කර තිබේ.

Exit mobile version