චීනයේ තෙල් ඉල්ලුම ඉහළට – මිලත් ඉහළට

Suhail Al Mazrouei

කොවිඩ් වසංගතය හේතුවෙන් අගුළු දමා තිබූ රටවල් නැවත පුනර්ජීවනය වෙමින් පවතින මොහොතක ලෝක තෙල් මිල තවත් ඉහළ යමින් ඇතැයි එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ බලශක්ති අමාත්‍ය සුහයිල් අල් මස්රොයුයි පවසයි. ‘චීනය නැවත පැමිණීම අවධානමක්’ බව ද ඔහු පවසන්නේ ඔවුන්ගේ වැඩි තෙල් ඉල්ලුම හේතුවෙනි.

කොවිඩ් 19 හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට ඇති වූ බාධාව නිසා චීනයේ නිෂ්පාදනය පහළ ගොස් භාණ්ඩ සැපයුම අඩාල වී ඇත. ඉල්ලුමට සරිලන සැපයුම අඩාල වීම හේතුවෙන් ලෝකයේ රටවල් රැසක උද්ධමනය ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

එක්සත් රාජධානියේ උද්ධමනය ද අධික ලෙස ඉහළ ගොස් ඇති අතර එය මැයි මාසය වන විට සීයට 8.6ක් ලෙස සටහන්ව තිබිණි. 1981න් පසු වාර්තා වූ ඉහළම උද්ධමනය ලෙස මෙය හැඳින්වේ.


චීනය යනු ලෝකයට අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් සපයන ප්‍රධානතම ධමනිය බඳු රටක් වන අතර එහි අවහිරතාවයක් ඇති වූ විට එය ලෝක ආර්ථිකයටම බලපායි. කොවිඩ් බලපෑමෙන් පසු මේ වන විට චීනය යලිත් සිය ශක්තිය ගොඩ නංවාගෙන ඇති අතර ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවන් පසුබිමක් තුළ ඔවුන්ගේ තෙල් ඉල්ලුම වැඩි වීමට සමගාමීව තෙල් සපයා දීමට නොහැකි වෙද්දී එය ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවත් ඉහළ යාමට හේතුවක් වී තිබේ.

Exit mobile version