චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් මේ සතියේ

China High Resolution Loan Concept

චීන සංවර්ධන බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම අද (12) අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

කොළඹ පිහිටි චීන තනාපති කර්යාලයේ දී අදාළ ගිවිසුම අත්සන් තබා ඇත.

එම මුදල් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.


මෙම ණය මුදල සහන පොලියක් මත වසර 10 කදී ගෙවා නිම කිරීමට අදාළ කොන්දේසි යටතේ ලබාගත් බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැවසීය.

එම ණයවලින් ලැබෙන මුදල ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නා බව ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීන සංවර්ධන බැංකුව විසින් ඉකුත් 2018 වසරේදී සහ 2020 වර්ෂයේදී මෙවැනි සංවර්ධන ණය මුදල් ලබාදී තිබෙන බවද ඔහු පැවසීය.

Exit mobile version