චම්පිකට දෙනවා කී නියෝජ්‍ය නායකකම පක්ෂ ව්‍යවස්ථාවෙනුත් ඉවත් කරලා…

හෙළ උරුමයේ කිසිවෙක් සජබ සාමාජිකත්වය අරන් නෑ... සතියක් තුළ වගකිවයුතු තනතුරක් දීමට සජිත් එකඟ වෙයි...

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකට සමගි ජන බලවේගයේ වගකිවයුතු තනතුරක් ලබා දීම සම්බන්ධව සතියක් ඇතුළත තීන්දුවක් ලබා දීමට එහි නායක සජිත් ප්‍රේමදාස එකඟතාවය පල කර ඇත.

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක ධුරය ලබා දෙන බවට ප්‍රථමයෙන් එකඟතාවය පල කර සිටිය ද පසුව එම ධුරය පක්ෂ ව්‍යවස්ථාවෙන්ම ඉවත් කර උප සභාපති ධුරයක් ලබා දීමට තීරණය කළ ද ඊට චම්පික රණවක එකඟ නොවීම නිසා මෙලෙස සතියක් තුළ ඔහුට තීරණයක් ලබා දෙන බවට එකඟතාවය පල කර තිබේ.

ජාතික හෙළ උරුමයේ තනතුරු දැරූ තවත් පිරිසක් සිටින බැවින් ඔවුන්ට ද ස්ථානගත වීම සඳහා ක්‍රමවේදයක් සමගි ජන බලවේගය තුළ තිබිය යුතු බව චම්පික රණවක පක්ෂ නායකත්වයට පෙන්වා දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව මෙතෙක් චම්පික රණවක හෝ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ කිසිවෙක් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබගෙන හෝ එහි තනතුරක් ලබාගෙන නැති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

Exit mobile version