චන්න ඇමති පාර්ලිමේන්තුවේ දී සැහැල්ලුවෙන් කී සැත්කම් කල්ගිය කතාවේ බිහිසුණු ඇත්ත…

රෝගීන් සිය ගණනක් මිය යන්න නියමිතයි... කල් දැම්මෙ හදවත්, වකුගඩු, ස්නායු සැත්කම්...

සැත්කම් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 664කින් 37ක් නොමැති වීම නිසා අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම නැවැත්වීමට සිදුවන බව චන්න ජයසුමන අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව කලින් තීරණය කර තිබූ ශල්‍යකර්ම අත්හිටුවීමට මේ වනවිට සියලුම රෝහල්වලට දැනුම් දීමට තීරණ කර ඇතැයි සෞඛ්‍ය  ආරංචි මාර්ග පවසයි.

කලින් සැලසුම්කළ ශල්‍යකර්ම යටතට ගැනෙන ප්‍රධානම ශල්‍යකර්ම වන්නේ හෘද සැත්කම්, ස්නායු රෝගවලට අදාල සැත්කම්, මොළයේ ඇතිවන ගෙඩි, සහ වකුගඩු සැත්කම් ඇතුළත් අතිශය සංකීර්ණ සමස්ථයකි.

මෙම සැත්කම් සඳහා රටේ සාමාන්‍ය ජනතාව දින ලබාගන්නේ සමහර අවස්ථාවල අවුරුද්දක් පමණ කාලයක් පොරොත්තු ලේඛනවල සිටිමිනි. අපේ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රොහල් 23හි එක් දිනක් තුළ පමණක් කලින් සැලසුම් කළ ශල්‍යකර්ම 1840ක් සිදුකරනු ලබයි.


බොහෝ අවස්ථාවල මෙම පොරොත්තු ලේඛනවල සිටි රෝගීන් සැත්කම් දිනය ලඟාවනවිට මිය ගොස් සිටි අවස්ථා වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි සැත්කමක් ප්‍රමාද වුවහොත් යලි දිනයක් ලබා දෙන තුරු රෝගියා ජීවත් වීම සම්බන්ධව ද බරපතල අවදානමක් ඇති බව  සෞඛ්‍ය බලධාරීහු පවසති.

 

Exit mobile version