ගෝල්ෆේස් කලබල අස්සේ ලේලන්ඩ් බස් එකක් මස් වෙයි

ashok leyland bus

පසුගිය සඳුදා හිටපු අගැමති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සදහා පැමිණි පාක්ෂිකයන් ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දීමෙන් පසුව ඇති වූ කලබලකාරී තත්ත්වය හමුවේ කෝප වූ පිරිස් එම පුද්ගලයන් පැමිණි බස් රථයක් විනාඩි කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම කොටස් සියල්ල ගලවා රැගෙන යාමට කටයුතු කර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ පිට පළාතක සිට කොළඹට රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් රැගෙන පැමිණි ආසන් 54 ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් මාලිගාවත්ත ප්‍රදේශයේදි කුපිත වූ පිරිසක් අතට පත් වීමෙන් පසුවය. මෙම බස් රථය මාලිගාවත්ත සහ මරදාන සම්බන්ධ කෙරෙන ජයන්ත වීරසේකර මාවතේදී ඔවුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත්තේ සඳුදා සවස් යාමයේය.

ඔවුන් බස් රථයට පිටත් විමට නොදී එහි කොටස් එකින් එක ගලවා ඇති අතර වීදුරු සහ රාමු. යකඩ, බට බස් රථයේ ආසන සියල්ල , තහඩු යකඩ ආදී සියලුම කොටස්වලට ගවා එකිනෙක මෙම පිරිස් විසින් රැගෙන ගොස් ඇති අතර අවසානයේ යකඩ කැබැලි කිහිපයක් හැරෙන්නට බස් රථයත් තිබුණු ලකුණක්වත් සොයා ගත නෙහැකි මට්ටමට එය ගලවා රැගෙන ගොස් ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එදින ඇතිවූ සිදුවීම් වලදී පිට පළාත්වලින් ජනතාව රැගෙන පැමිණි බස් රථ ගණනාවක් ප්‍රහාරවලට ලක්විය.


Exit mobile version