ගෝඨා පාර්ලිමේන්තු ගෙනත් අගමැති කරන්න පොහොට්ටු පිරිසක් යළිත් උත්සාහයක!

ජනතා නැගිටීමකින් අනතුරුව  ජනාධිපති ධූරයෙන් පළවා  හරිනු ලැබූ  ගෝඨාභය රාජපක්ෂ වත්මන් ආණ්ඩුවේ අගමැති ධූරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභයන්තර සාකච්ඡා යළිත් ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

කලකට පෙර මතු වී  පසුව මාස කිහිපයක් යටගොස් තිබූ මෙම   අභිලාෂය යළිත් මතු වී ඇති බවත්,  ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු  මන්ත්‍රීවරයෙක් ඉවත් කර ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස පත් කරගෙන ඉන් පසු   අගමැති ලෙස පත්කරගැනීම ඔවුනගේ සැලසුම වී ඇති බවත් දැනගන්නට ඇත.

ගෝඨාභය රාජපක්ෂ මෙලෙසෙ අගමැති ධූරය පත් කිරීමේ වැඩපිළිවෙළට පොහොට්ටුවේම තවත් ප්‍රබල පිරිසක් දැඩි විරෝධය පළ කර තිබේ.

මේ  සම්බන්ධව  කොළඹ  ප්‍රධාන හෝටලයක දී විශේෂ හමුවක් ද පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමක් සංවිධානය කර ඇත. භෝජන සංග්‍රහයක් සමග සංවිධානය කර තිබූ එම සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ පැමිණ   නැත.


නමුත් ගෝඨාභය රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ එම අවස්ථාවට පැමිණ ඇත. මෙම හමුවේ පරමාර්ථය  අර්බුදයක් බව පැවසූ  පොහොට්ටුවේ කණ්ඩායමක්    ඊට සහභාගීවන අය වැළැක්වීමට   කටයුතු කර ඇත.

මේ හේතුව නිසා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අඩක් පමණ  මෙම අවස්ථාවට එක් වී සිටි බව ආරංචි මාර්ග කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක බවත්  මේ වනවිට මෙවැනි රහසිගත සාකච්ඡා කීපයක් පවත්වා ඇති බවත් පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Exit mobile version